IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මහින්ද-බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරනයට ලබා දී ඇති පොරොන්දුව එදින දක්වා බලපැවැත්වෙන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.

අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරයේ, එල්. ටී. බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ  මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු 39 දෙනෙකි. 

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.

මෙම පෙත්සමෙන් නම් කර ඇති වගඋත්තරකරුවන්ගේ අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇතැයි පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.



අදහස් (11)

මහින්ද-බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි

--ගුග්ලි-- Wednesday, 10 August 2022 03:14 PM

"වට්ස්-ඇප්" එකෙන් විදෙස් හමුවීම් තහනම් කරලා නැහැ නේද? ඉතින් ප්‍රශ්නයක් නැහැනේ..!

:       3       5

ganegoda Wednesday, 10 August 2022 03:17 PM

මාටියා ගහපු ධනස්කන්ධය ආපහු දීලා ජනතාවගෙන් සමාව ගන්නකන් නිවාස අඩස්සියේ සිටිය යුතුයි...! 

:       6       15

fairoos Wednesday, 10 August 2022 04:00 PM

වත්මන් ආර්ථික අර්බුදයේ මහමොළකරු හිටපු ජනාධිපතිත් අත්අඩංගුවට ගන්න.

:       4       12

SUNIL MILANO Wednesday, 10 August 2022 05:57 PM

කොටි පරාජය කරපු එකේ විපාක. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා පිටින් යවා ගරහන්න තරම් කුහක ජාතියක් සිටින රටක් තමයි ශ්‍රී ලංකාව (සියලුම ශ්‍රී ලංකාවාසීන් නොවේ.. සමහර පිරිසක්) හරිම කනගාටුයි මේ කරන පාදනම් විරහිත අපහාසවලට

:       8       5

ganegodaWednesday, 10 August 2022 07:08 PM

කොටින්ව එලවලා රාජපක්ෂලානේ අපිට කොටිපාට් දැම්මේ.. අන්න එතනම තමයි එයාලාට වරදගත්ත තැන

:       6       8

BamunuarachchiThursday, 11 August 2022 04:27 PM

කරුණාකරලා කියන්න මොනවද දාපු කොටිපාට් කියලා.

:       1       2

Kumara Wednesday, 10 August 2022 07:27 PM

මොන ශාපයක්ද රාජපක්ෂලට යන තුතුකුඩියකට යන්න දීපල්ලා

:       9       3

podi mole Wednesday, 10 August 2022 09:00 PM

අපේ අයියලා කළොත් කරන්නේ ඔයවගේ මැටිමෝල් වැඩම තමයි... පස්සට පයින් ගහලා ආපහු නොඑන්නම රටෙන්ම එළවන්න ඕනෑ අය බලෙන් තියා ඉන්නවා.

:       0       0

reks Wednesday, 10 August 2022 09:26 PM

පිටවීම නෙමෙයි, රටට ඇතුළු වීමයි තහනම් කරන්න ඕන.

:       0       0

Bamunuarachchi Thursday, 11 August 2022 04:28 PM

දැන් අපිට හිතෙනවා මොකටද කොටි එලෙව්වේ. යුද්දය වවාගෙන කන්න තිබුණනා නේද කියලා.

:       0       3

Bamunuarachchi Thursday, 11 August 2022 04:32 PM

මේ රටින් යන්න එපා වැඩිකල් නොගොස් ඔබලාව මෙරටට ඕනේ වෙනවා. 1952 ඩඩ්ලි සේනානායක මහත්ත්තයත් ඔය විදිහටම දාලා ගියා පස්සේ නැවත අගමැති වුණා. අපි ජෙප්පන් දියකර හැරීමේ ව්‍යාපාරය පටන් ගත්තා. අරගලය උන් ලවාම දියකර හැරියා. නැවත අනත්රයේ පිරිස් උද්ඝෝෂණවලට පාරට බහින්නේ නැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 373 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2815 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 3157 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 8318 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3639 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 491 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site