IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මහින්ද රනිල්ට බෑ කියයි

(සුජිත් හේවාජුලිගේ)

පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී   ඇත.

එසේම පක්ෂය ගත් තීරණය තමාට  පෞද්ගලිකවම මැදිහත්වී  වෙනසක් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා  දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී ඊයේ (1) හමුවී සාකච්ඡා කර ඇත

හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය.

දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද  අයුරින්  පැවැත්වුණු බව  දැනගන්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හිටපු ජනාධිපතිවරයාගෙන්  මීට පෙරද ඉල්ලීමක් කර තිබිණ.



අදහස් (21)

මහින්ද රනිල්ට බෑ කියයි

nanda Friday, 02 August 2024 09:58 PM

වසර දෙකක් පිනට ජනාධිපතිකම පොහොට්ටුවෙන් අරන් දුන්නා. ඒකට කළගුණ සලකලා පොහොට්ටු අපේක්ෂකයා දිනවන එක නේද කරන්න ඕනේ? තව තණ්හාවට දඟලන්නේ නැතිව...

:       4       4

ranjan Saturday, 03 August 2024 12:51 AM

මේක මෙගා නාට්‍යයක්... මුලාවෙන්න එපා.

:       0       4

විජිත් Saturday, 03 August 2024 01:21 AM

ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාව එදා වගේම තවමත් "පල් මෝඩයින්" කියලා හිතාගෙන ජනතාව අන්දවන්න හදන ඉතාමත්ම අශ්ලීල, අන්ත දූෂිත දේශපාලුවන් දෙදෙනෙක් "පුංචි ගනුදෙනුවක්" කරන ආකාරයයි මේ. පසුගිය මැතිවරණ ඉතිහාසයේ.. මේ පක්ෂ 2 ට "අන්ධවෙලා" ඡන්ද කාලේදී ඡන්ද දායකයින් කි දෙනෙක් පක්ෂ පාට භේදයෙන් ගහමරාගෙන "අකාලයේ " මියගියාද? ඒ මියගිය මිනිසුන්ට මොවුන් ගරු කරන ආකාරයද මේ? මොවුන් දෙදෙනාම අන්ත දූෂිත, මිනීමරු හොරු දෙදෙනෙක්... දෙදෙනා අතර ඇති ගිවිසුම තමයි .."ඔයා ඡන්දෙන් පැරැදිලා මම ආවොත්, මම ඔයාව බලාගන්නවා.. ඔයාට විරුද්ධව කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මම පැරැදිලා ඔයා බලයට ආවොත් ඒ විදිහටම මාව බලාගත යුතුයි.." කියන එක. ආදරණිය මිනිස්සුනේ අපි තවදුරටත් මේ මායාකාරයින්ගේ ඇස් බැඳුම්වලට රැවටී වහලුන්මෙන් ජීවත්වෙනවද? නැතිනම් මේ මායාකාරයින්ගෙන් මිදිලා අනාගත දරුවන් වෙනුවෙන් පැහැදිලි සත්‍යයට මුහුණ දෙනවාද? තීරණය ඔබසතුයි. ජාතික ජනබලවේගයට ජයවේවා !!! මාලිමාව!!!

:       4       6

සෙනෙවිරත්න Saturday, 03 August 2024 04:25 AM

නාමල් පුතාගෙ අනාගතය බලල ගනිපු තීරණයක් ශ්‍රිලනිපය කඩල හදපු පොහොට්ටුව නැත්තටම නැතිවෙනව නමට හරි අපේක්ෂකයෙක් නොදෑවොත්, වැරදිල හරි රනිල් දිනුවොත් නාමල්ගෙ දේශපාලන අනාගතය අවසන්. පොහොට්ටුවෙ බහුතරයක් හොරු රංචුව රනිල් ලඟට ගියේ ආරක්ෂා වෙන්නනත් පාර්ලිමේන්තුවට රිංගන්නත්

:       2       4

Mahendra Sin Saturday, 03 August 2024 06:05 AM

හා මල්ලි කියලා තමන්ගේ පරම්පරාවේ අයට ලැබුණු තරුපහේ හෝටලය අත් හරින්න පුළුවන්ද? මමත් මැරෙද්දී ලොකු කොල්ලො රජ පුටුවේ තියලා එකෙක් ආරක්ෂක ඇමැති හෝ ලේකම් කරලා අනෙකා මුදල් ඇමැති කරලා උත්සවශ්‍රීයෙන් මෙලොවින් චුතවෙලා යමලොව ගියාම යම රජතුමා වුණත් මට බලය දීලා විශ්‍රාම ගන්න ඉඩ තියෙනවා කියලා දන්නේ නැද්ද?

:       0       3

SAM Saturday, 03 August 2024 07:29 AM

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්දව සහ ඉදිරිපත්වන අපේක්ෂකයන් සම්බන්දව පවතින දේශපාලන වියකුලත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ මාරු කිරීමට පමණක් නොව ඔවුන්ගේ අප්පචිවූ යුද්දය දිනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවා අමතක කරමින් ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්වූ වර්තමාන ජනධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව සිටි. සත්‍ය වශයෙන්ම මොවුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්වුයේ රටේ ආර්ථිකය , රටේ පුරවැසියන් එනුවෙන් හෝ රටේ පවතින ගැටළු සදහා විසදුම් ලබාදීමට නොව ඔවුන්ගේ පුද්ගලික දේශපාලන අවශ්‍යතවයන් සහ පැවැත්ම, තනතුරු සහ බල තන්හාව නිසා නොවේද?

:       0       4

sam Saturday, 03 August 2024 07:30 AM

මන්ත්‍රීවරුක් මේ සියලු රගපාම් සිදුකරමින් සිටින්නේ ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කළ පිඩිත ජනතවගේ පරමාධිපත්‍යයේ බලය නිසාවෙනි. පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රී , ඔවුන්ගේ අවශ්‍ය තත්වයන් වෙනුවෙන් ජනතවගේ පරමාධිපත්‍ය බලය අවතක්ෂේරුවට ලක්කළ හැකිද යන්න ගැටලුවකි. ජන්ධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මහමැතිවරණයේදී ඔවුන්ට මහජනත්ව වෙත ගොස් චන්දය ඉල්ලා සිටිය හැකිද ?

:       0       3

wimal Saturday, 03 August 2024 07:41 AM

පක්ෂය කියන්නේ ඉන්දියාවේ දේවාලෙද අනුරාධපුරේ අක්කාද?

:       0       4

Rohana Saturday, 03 August 2024 08:04 AM

පොහොට්ටුවේ කට්ටිය අර 134 දෙනා රනිල්ට පක්ෂව ඡන්දෙ දෙනකොට ඕක කල්පනාවට ආවේ නැද්ද.? රනිල් සාර්ථකවුනොත් පක්ෂයෙන් කොටසක් රනිල්ගේ පැත්ත ගන්නා බව අවබෝධ කරගන්න තිබුනේ මුලදීමය. දැන් ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවාගන්න බැරිය. පොහොට්ටුව දෙකඩවීම නොවැලැක්විය හැකිය.

:       3       49

Kanishka RashanthaSaturday, 03 August 2024 09:10 AM

ඔහොම දෙයක් ඔච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරි අය කොහොමද රටක් කරන්නේ...?

:       0       3

රටවැසියා Saturday, 03 August 2024 09:28 AM

‍රටේ තිබුන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කඩන දේශපාලන තොන්ඩුව හැදුවේ මේ දෙන්නම තමයි, දැන් ඒ දෙන්න ඒ තොන්ඩුවම වැටිල නේද? - මේ පාදඩ දේශපාලන සංස්කෘතිය නං ඉක්මනටම ඉවර විය යුතුයි.

:       1       7

සෙනෙවිරත්න Saturday, 03 August 2024 10:12 AM

මහින්දට රනිල් කලේ කූඩාරමට රිංගපු ඔටුවා කරපු දේ. නාමල්ට යන්තම් හරි අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් වෙනම ඉල්ලන එක තමයි කළ යුත්තේ. හැබැයි පරදින නිසා කවුරු දැම්මත් එකයි.

:       0       8

Nimal 1 Saturday, 03 August 2024 10:51 AM

පින් ජනාධිපති රනිල් කිසි ලෙසකින් සාර්ථක වූයේ නැත... එසේ වුවද රට කාබාසිනියා කළ පොහොට්ටුවේ දෙදරීම වැළැක්විය නොහැක...

:       5       15

de silva Saturday, 03 August 2024 11:09 AM

එදා පොහොට්ටුව ඩලස් හෝ චරිත හේරත් වැනි පුද්ගලයෙක් ජනාධිපති කරගෙන ඔහු සමග ගමනක් ගියා නම් අද මෙහෙම ලතැවෙන්න අවශ්‍ය නැහැ.. අඩුම වශයෙන් විපක්ෂ නායකකමවත් පක්ෂෙට ගන්න තිබුණා. දැන් මුකුත් නැහැ...!

:       7       12

fairoos Saturday, 03 August 2024 12:06 PM

මාලිමාව ගෙනල්ලා රට විනාශ කරා.. දැන් පුතා ඒ චාන්ස් එක ගන්නයි දඟලන්නේ...!

:       17       9

fairoosSaturday, 03 August 2024 12:55 PM

මාලිමාව නෙවෙයි... මල්ලිව නන්දසේන...

:       7       19

පුරවැසියා Saturday, 03 August 2024 01:11 PM

මොංගල් ද අනේ...?

:       1       6

ගමේ එකාලා Saturday, 03 August 2024 01:23 PM

මේ දෙන්නාම කෙරුවේ පක්ෂය දෙකට කැඩෙන තැනට වැඩ සිද්ද කරපු එක. අන්තිමට වෙච්චි දේ පේනවනේ? හොඳ වැඩේ?

:       5       10

රනේ Saturday, 03 August 2024 02:35 PM

බැසිල්ගෙ මොලේ තමයි මොලේ… කොහොමද නාට්ටිය.. නැගලාම යනවානේ.. (හිටිගමන් පිටපතේ නැති කෑලිත් යනවා) කොතැනදීද ඇත්තට සජිත් එකතු වෙන කෑල්ල ඇත්තේ? දන්න අය පිළිතුරු දීලා දුරකථනයක් දිනාගන්න.

:       0       6

රෙක්ස් Sunday, 04 August 2024 12:25 AM

මේ බොරැ වලට ඇන්දෙන්න එපා. අන්තිමට පොහොට්ටුවේ බහුතර මතයට හිස නමනවා කියලා මයිනත් රනිලට සෙට් වෙනවා.

:       0       0

siri Sunday, 04 August 2024 03:04 AM

134 කින් ජනාධිපතිකම අරන් දුන්නට කාලගුණ සලකන්න නොදන්නා නිසා අද පින්සේන්දු වෙන්න වෙලා .බල තන්හාව හමුවේ අහිංසක වෙන හැටි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 28 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 38 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 122 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 312 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 183 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 566 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site