IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


මහනුවර උපත් අඩුවෙයි- මරණ වැඩිවෙයි

(මොහොමඩ් ආසික්)

වසර පහක කාලය ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ 2,535 කින් වැඩි වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියයි.

2019 සහ 2023 අතර මෙරට ලියාපදිංචි උපත් සහ මරණ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු තොරතුරුවල මෙම විස්තර සදහන්ව තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ උපත් 25,857 ක් ලියාපදිංචි කර ඇති අතර 2020 දී උපත් 24,442 ක් ලියා පදිංචි කර තිබේ. ඒ අනුව වසරක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 1,435 ක අඩුවීමක් සිදුව තිබේ.

2021 වසරේදි උපත් 21,643 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසර තුළ දරු උපත් 2,779 ක අඩුවක් සිදුව තිබේ. 2022 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 20,712 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසරේදී උපත් 931 ක අඩුවක් පෙන්වයි.

2023 වසරේදී උපත් 18,328 ක් ලියාපදිංචි කර ඇති අතර එම වසරේදී දරු උපත් 2,384ක අඩුවක් පෙන්වයි. මේඅනුව 2019 වසරේ සිට 2023 දක්වා වන වසර පහක කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 ක අඩුවක් පෙන්වයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 11,576 ක් ලියාපදිංචි වී ඇති අතර 2020 දී මරණ 10,646 ක් ලියාපදිංචි වී තිබේ.

ඒ අනුව එම වසරේදී මරණ 930ක අඩුවීමක් පෙන්වයි. කෙසේ වෙතත් 2021 වසරේදී මරණ 12,744 ක් ලියාපදිංචි වී ඇති අතර එම වසරේදී මරණ 2, 098ක වැඩි වීමක් සිදුව තිබේ.

2022 වසරේදී මරණ 14,111 ක් සිදුව ඇති අතර එම වසරේදී මරණ 1,367 ක වැඩිවීමක් සිදුව තිබේ.

2023 වසරේදී ද මරණ 14,111 ක්ම සිදුව ඇති බැවින් එම වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ වැඩි විමක් හෝ අඩු වීමක් වාර්තා නොවෙයි.

මේඅනුව 2019 ත් 2023 ත් අතර කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 2,535 ක වැඩි වීමක් සිදුව තිබේ.

ඒ අනුව 2019 සහ 2023 අතර කාලය තුල මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ සංඛ්‍යාව 2535 කින් වැඩි වී තිබේ.

 



අදහස් (0)

මහනුවර උපත් අඩුවෙයි- මරණ වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

නිවෙස් කොල්ල කා කතුන්ට හිරිහැර කළ දෙකක් මාට්ට
2024 ඔක්තෝබර් මස 17 527 0

නිවාසවලට ඇතුලුවී දේපල කොල්ලකා කාන්තාවන්ට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි.


කොත්තු බාස් මුහුදට බිලි
2024 ඔක්තෝබර් මස 17 279 0

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දියනෑමට ගිය තරුණයකු අද පස්වරුවේ මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .


දවල් ආහාරයට පසු දුන් වතුර බෝතලේ තුවාල සෝදන දියර
2024 ඔක්තෝබර් මස 17 11 0

ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් මිලදී ගත් වතුර බෝතලයක පානීය ජලය වෙනුවට සර්ජිකල් ස්ප්‍රීතු තිබීම නිසාවෙන් එය පානය කළ තරුණියක ආසාදනයට ලක්ව අන


බීමතින් පිස්සු කෙළිය දෙක් පොලිස් බාරයට
2024 ඔක්තෝබර් මස 17 380 0

අධික බීමතින් මෝටර් රථයක නැගී අතේ ගෙනයන ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් මහ මඟ යන ජනතාවට උසුළු විසුළු කරමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණයන් දෙද


හිටපු ජනපතිවරු තිදෙනෙක් එක්ම වේදිකාවේ අත්දැකීම් දිග හරිති
2024 ඔක්තෝබර් මස 17 567 0

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ 45 වැනි ජාතික සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.


මහනුවර උපත් අඩුවෙයි- මරණ වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 17 197 0

වසර පහක කාලය ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ දරු උපත් 7,529 කින් අඩු වී මරණ 2,535 කින් වැඩි වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 606 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1546 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site