IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට එරෙහිව නීතීඥ සංගමයෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ අද (14) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සහ එම සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නීතිපති නම් කරනු ලැබ ඇත.

නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සදහන් වේ.

පෙත්සම්කාර සංගමය නීතීඥවරුන්ගේ අයිතිවාසිකම් , මානව හිමිකම් ,නීතීයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයකි‍.පෙත්සම්කාර සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥවරුන් සිය සේවාදායකයින්ගෙන් අය කරනු ලබන ගාස්තු ශ්‍රී ලංකාව තුළදී සහ ඉන් පිටත දී විදේශ මුදල් වලින් මෙතෙක් ලබා ගෙන ඇත.ඒ සදහා පුද්ගලික නේවාසික මුදල් ගිණුම (personal resident foreign currency account ) සහ විදේශ තැන්පතු ගිණුම (foreign deposit account ) ගිණුම් දෙකෙන්ද , වානිජ බැංකු ගිණුම් හරහාද සෘජුම විදේශ මුදල් ලබා හැකියාව තමන්ට පැවතිනි.

මෙතෙක් එම විදේශ මුදල් රුපියල් වලට පරිවර්තනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් පැන නොනැගිණි.පෙත්සම්කාර සංගමයේ සාමාජිකයින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයමින් , මෙරටට විශාල සේවයක් මෙතෙක් සිදු කර ඇත.

ආනයන වෙළෙන්දන් හෝ ජාත්‍යන්තර වෙළදාමේ යෙදෙන්නන් මෙන්ම අප සංගමයේ සාමාජිකයින්ට උපයන විදේශ මුදල් , කෙළින්ම ශ්‍රී ලංකාවේ ගිණුම් වලින් ලබා ගත හැක.

තත්ත්වය මෙසේ තිබියදී  පසුගිය ඔක්තෝබර් 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ 10.1 වගන්තිය යටතේ 2251/41 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.මෙම ගැසට් නිවේදනය මගින්  බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කෙරිණි.

තම සංගමයේ සාමාජිතයින්ගේ කිසිදු කැමැත්තකින් තොරව මෙසේ ඔවුන්ගේ ගිණුම් වලට එවන විදේශ මුදල් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි  ක්‍රියාවකි.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියටද පටහැනිය.

මෙය ස්වභාව යුක්ත මූලධර්මයටද පටහැනි වේ.

තවද මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර ඇත්තේ විදේශ විනිමය පනතේ විධි විධානයන්ද අභිබවා යමිනි.මෙය කෑලෑ නීතියකි.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.



අදහස් (7)

මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට එරෙහිව නීතීඥ සංගමයෙන් පෙත්සමක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 December 2021 05:34 PM

අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින අයට ස්තූති වේවා. තම තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගැනීමට නීතියට පටහැණි දේ කරන්නේ නම්, නීතිය දත් අය ඒවාට අනිවාර්යයෙන්ම වැට බැඳිය යුතුය. මිනිසුන්ගේ මුදල් ගැන හොයනා අයට පැන්ඩෝරා මුදල් ගැන සොයා බලා පියවරක් ගැනීමට කිසිදු හදිස්සියක් නැත්තේය.අනේ අපේ රටකට ගිය කලක් ..

:       4       32

ravin Tuesday, 14 December 2021 06:08 PM

හරියට හරි.

:       4       18

අගුපිලගේ Tuesday, 14 December 2021 06:53 PM

කොට්ටෝරුවා හැම ගහටම හොට ඇන ඇන යනවා කෙහෙල් ගහට කොටපු දාට හොට තද වෙනවා. බලමු කබරාල් රිවස් ගියරයට මාරු කරයිද කියලා

:       5       27

Nuwan Tuesday, 14 December 2021 07:25 PM

ලැබෙන ඩොලර් ටික නවත්ත ගත්තා මහා ලොකු මොලකාරයෝ ටික

:       5       26

Ratne Tuesday, 14 December 2021 09:17 PM

පුද්ගලිකව උපයන විදේශ මුදල්, වංචාකාරයින් පිරිසක් විසින් බලය අවභාවිත කරමින් මංකොල්ල කෑම වැලැක්වීමට ඉදිරිපත්වීම ප්‍රශංෂනීයයි. තවද 2020 සිට අසීමිතව මුද්‍රණය කිරීමෙන් බාල්දු වී ඇති රුපියල් සොච්චමක් දී සාධාරණව උපයාගත් විදේශීය මුදල් මංකොල්ල කෑම පාස්කු ප්‍රහාරය මෙන්ම ත්‍රස්ත ක්‍රියාවකි.

:       4       37

අෂාන් Tuesday, 14 December 2021 09:31 PM

ඇයි එතකොට සාම්පල් නොබලා ගෙන්න්නපුු පොහොර නැවට ගේව්වේ? ඒ වැරැද්ද කරපු කෙනා නිදහසේ ඉන්නේ

:       3       33

Lalith M Wednesday, 15 December 2021 07:11 AM

වෙන රටක අනේවාසික ගිනුමකට මුදල් යවනවා. මොකටද ලංකාවට එවන්නේ. අනික වෙන රටවල කරන ආයෝජන මෙහෙ වගේ කොල්ලකන්නේ නෑ.එන සල්ලි ටිකත් නැති කර ගන්නවා. කබර මොලේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 472 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 9 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 228 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 730 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 936 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 524 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site