IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මහබැංකු අධිපති තනතුරේ බර වැඩි කරයි

(සුජිත් හේවාජුලිගේ )

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන තත්වයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මහ බැංකු අධිපතිට රජයේ තනතුරු ධූරාවලියේ හිමිවනුයේ පස් වැනි ස්ථානයයි.

විපක්ෂ නායක, කැබිනට් අමාත්‍යධූර සහ ෆීල්ඩ් මාර්ෂල් රජයේ තනතුරු ධූරාවලියේ පස්වෙනි ස්ථානයෙහිලා සැලකෙන සෙසු තනතුරුය.

ප්‍රවීණ ගණකාධිකාරිවරයකුවන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා පත් කෙරිණ.

ඔහු එම තනතුරට පත් කෙරුණු අවස්ථාවේදී කැබිනට් බලතල ඉල්ලා සිටි බව මෙයට පෙර වාර්තා විය.

 



අදහස් (22)

මහබැංකු අධිපති තනතුරේ බර වැඩි කරයි

ජේ පී ආර් කරුණාරත්න Wednesday, 27 October 2021 06:39 AM

මෙයාට ඔය තනතුරු ධූරාවලි හීනමානය කලිනුත් තිබුනා. ඔය කියන තනතුරු ධූරාවලිය අනුව ඉස්සර නිදහස් දින උත්සවයට පලාත් ආණ්ඩුකාරවරුන් එක්ක එකට වාඩි වෙන්න වෙන හින්දා මහ බැංකු අධිපති ලෙස ආපු ආරාධනා මඟහැරල ඒවට සහභාගි වුනෙත් නෑ. මහ බැංකුව නෛතිකවම ස්වාධීන ආයතනයක් කරන එක තමයි හුඟාක් රටවල මුලින්ම කලේ. ඒක කලේ නැතුව මෙයා කලේ මෙයාව පොර කර ගත්ත එක. ඔය කියන කැබිනට් තත්වය තියෙන්නේ මෙයාගේ නිල කාලයට විතරක් නම් ඒක මත පදනම් කරගෙන ගන්න තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉස්සරහට එන අධිපතිවරුන්ට අදාල නැද්ද?

:       19       16

Chandima Wednesday, 27 October 2021 06:40 AM

අම්මෝ ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී කියලා .සිංගප්පුරුවේ සෞඛ්‍ය පහසුකම් ,ඉස්සරහින් පස්සෙන් යන්න කමාන්ඩෝ වාහන ,නෝනට පුද්ගලික ලේකම් වැටුප .අරවා මෙව්වා සේරම ලැබෙනවද ?

:       24       18

Perera Wednesday, 27 October 2021 06:59 AM

ප්‍රවීණ ගණකාධිකාරවරයෙක් , ගිණුම් ලිපිකාරයෙක් දන්නවා ඇති මෙයාට වඩා ගිණුම්කරණය ගැන

:       15       28

Asanga Wednesday, 27 October 2021 06:59 AM

බලයට කෑදර තමන්ගේ වගකීමක් හරි හැටි නොකරන මෙවන් පුද්ගලයින් රටටම බරක්

:       12       28

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 October 2021 07:22 AM

කැබිනට් ඇමති වරයෙකුගේ බලතල ... එතකොට මොළ හතානෝලා නියෝග කරන්නේ තවත් එවැනිම බලතල ඇති කෙනෙකුට නේද ? අනේ මන්දා .. ?

:       37       18

Akila Wednesday, 27 October 2021 07:23 AM

දාල තියන පින්තුරයෙන්ම හිතාගන්න පුළුවන් මොකටද එන්න හදන්නේ කියල

:       23       20

නිමල් Wednesday, 27 October 2021 08:00 AM

සල්ලි අච්චු ගහලා රට කැවා මදිවටද?

:       23       24

siri Wednesday, 27 October 2021 08:43 AM

අන්තිමට ඔය ඔක්කොම ජනතාවගේ කරපිට තමා

:       0       0

Hafeel Wednesday, 27 October 2021 09:05 AM

මුදල් අච්චු ගහන මුද්‍රනකරුවකුට කැබිනට් බලතල දීපු ලෝකේ එකම රට ලංකාව. මෙච්චර බලතල දෙන්න තරම් මෙයා රටට මොනවාද යහපත් වැඩක් කරලා තියන්නේ? මෙයාගේ අතීතය රටට හානි මිස යහපතක් නැහැ. මෙයාට උපරිම කල හැකි මුදල් අච්චු ගැහීම පමණයි. මේ වැඩේ කරන්න මුද්‍රණකරුවෙක් ඇති.

:       32       28

Suba Wednesday, 27 October 2021 09:36 AM

තවත් විද්‍යාත්මක තනතුරු පත් කිරීමක්. රජයේ මුද්‍රණාලයේ අධිපති කරන්න ඕන මනුස්සයව මහ බැංකුවේ අධිපති කරලා.

:       22       23

මහසෙන් Wednesday, 27 October 2021 10:09 AM

ඔය තනතුරට අදාලව ඔය වරප්‍රසාද ඇති ද? මදි නම් ජනාධිපති ,අගමැති බලතලත් කතා කරලා ඉල්ලගන්න.රටට වැඩ කරන්නේ මේ තරම් මේ දගලන්නේ. දැන් හෙට ඉදන් සියලු ආර්ථික ප්‍රශ්න නිවාරනයි.මේ කේතුමති නුවරයි.

:       33       25

වර්ණකුලසූරිය Wednesday, 27 October 2021 10:55 AM

පවුලක් වටා සැපසම්පත් ලබා ගැනීමේ රාජකීය අණ්ඩුවක් ශ්‍රීලංකාව තුළ පවතින බවට අපි සිතමු.

:       13       14

thushan Wednesday, 27 October 2021 11:00 AM

අම්මපා අපි ආයේ රම්පෙට පොරි හැලෙන්න මාටියා පාර මොළ හතා එක්ක .සන්තෝසේ බෑ

:       15       18

Nuwan Wednesday, 27 October 2021 11:33 AM

දැන් ඔතනට ගියේ කළු සල්ලි සුදු කරන්න ඇමති බලතලත් තියාගෙන .කොහොමද මොළ හතානෝගේ ටිකිරි මොලේ ?

:       14       12

fairoos Wednesday, 27 October 2021 12:58 PM

දැන් ඔක්කොම බල තල තියාගෙන බලමු රටට කරනා වැඩ ටික ..නිකන් කයිවාරු විතරයි සර් ෆේල්

:       22       11

sugathWednesday, 27 October 2021 10:32 PM

ඔයාට ඔය තනතුර දුන්නොත් කරන්ට පුලුවන්ද?

:       1       1

gamini Wednesday, 27 October 2021 05:17 PM

මහ බැංකු අධිපති තනතුර යනු විශාල වගකීමක් මෙන්ම අධික පීඩනයක් ඇති තනතුරක්. එවැනි තනතුරකට මෙවැනි වරප්‍රසාදයක් දීම කිසිම වරදක් නැහැ.

:       4       3

fairoos Wednesday, 27 October 2021 05:27 PM

අදහස්වලට ලැබිලා තියෙන ඩිස්ලයික් ටික බැලුවාම තේරෙනවා මෙයාට තියෙන කැමැත්ත කොහොමද කියලා... සල්ලි දීලාවත් කරගන්න බෑ මේවා නේද? අපේ කබ්‍රාල් මහත්තයෝ...

:       2       2

පිංහාමි Wednesday, 27 October 2021 05:34 PM

ඇමතියෙක් වුණොත් කරන වැඩ විගණනයක් වෙන්නේ නැහැ කියලා හිතෙනවා... කොහොමද ඒක... මොන දේවල් කරයිද බමුණෝ...?

:       3       1

chandima Wednesday, 27 October 2021 10:36 PM

දැන් බලාගෙන ගියාම මහබැංකුවට විදලා පැනලා ගිය අපේ තුමාගේ සිංගප්පුරු යාලුවත් හිටපු ඇමති කෙනෙක් වගේනේ.?

:       0       1

chandima Wednesday, 27 October 2021 10:38 PM

මෙතුමා ඉහළ පෙලේ ගණකාධිකාරී වරයෙක් කියනවා නේද.?

:       0       1

amila Wednesday, 27 October 2021 10:39 PM

කොල්ලනේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි. මේ තනතුරත් තාත්තාගෙන් පුතාට යාවි වගේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2166 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 414 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 707 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1067 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 185 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 653 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site