මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ දී තමන්ට එම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කළ හැකිද ? එම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, මිනිස් ශ්‍රමය, යන්ත්‍ර සූත්‍ර යනාදි භෞතික සම්පත් තමන් සතුව ඇත්නම් පමණක් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කරන මෙන් ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
ඉදිරියේ දී මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී දැනට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලුම කොන්ත්‍රාත් සමාගම්වල කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන ලෙස ද අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි මහතාට උපදෙස් ලබා දී තිබේ.
නියමිත දිනට මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවසන් නොකිරීම නිසා කාලය සහ මහජන මුදල් විශාල වශයෙන් අපතේ යන බැවින් ඉලක්ක ගත සංවර්ධන කටයුතු අඩාල වන බැවින් ඉදිරි මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී කොන්ත්‍රාත්කරුගේ කාර්ය සාධන වාර්තා පිළිබඳ පුළුල් අධ්‍යනයක් කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට තවදුරටත් උපදෙස් දී ඇත.
055
නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
මීතොටමුල්ල සී.ටී.බී ඩිපෝවේ කාර්‍යාලීය ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අ
පාර්ලිමේන්තුවේ රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවලදී සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන රුපියල් 750 ප්‍රවාහන දීමනාව (Transport Allowance) පාර්ලිමේන්තුවෙන් වා
ඇමති නිවාස කාලයක් තිස්සේ වසා දමා තිබීම හේතුවෙන් වල් වැදී ඒවා ජරාවාස වෙමින් තිබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
බන්ධනාගාර ගත රැදවියන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඥාතීන් හෝ අමුත්තන් විවෘතව බැලීමට අවස්ථාව උදාකර දෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දි
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මහමාර්ග ඇමැතිගෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්