IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


මහයතිවර සිව්නමකට අග්ගමහා පණ්ඩිත පදවි

මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කීරිමට මියන්මාරයේ  ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
 
ථේරවාදී බෞද්ධ භික්ෂූන්  වහන්සේ උදෙසා මියන්මාර රජය පරිනමන ඉහළම සම්මානය වන අග්ග මහා පණ්ඩිත  ගෞරව නාමයට පාත්‍ර වු ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේ සිවිනමක් සිටීමද විශේෂත්වයකි. 
 
තවත් ගෞරව නාමයන් කිහිපයක් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකට සහ එක් ගිහියෙකු වෙත පිරිනැමීමට මියන්මාර ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
 
ඒ අනුව , දෙහිවල ශ්‍රී මහා බෝධි මහා විහාරයේ මිහිරිපැන්නේ සෝභිත ස්වාමීන් වහන්සේ, කැලණිය රජමහා විහාරය සහ කිත්සිරිමෙවන් රජ මහා විහාරයේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී අමරපුර ධර්මරක්ෂිතවංශ මහා නිකායේ තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී කල්‍යාණිවංශ අමරපුර මහා නිකායේ දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ වෙත අග්ගමහාපණ්ඩිත ගෞරව නාමය පිරිනමා ඇත.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ වෙත අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා ඇත.
පිලියන්දල තුම්බෝවිල පුරාණ මහා විහාරයේ  තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ දම්රිවි පදනමේ විශ්‍රාමික මහාචාර්ය අසංග තිලකරත්න මැතිතුමාට මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා ඇත.
 
අග්ග මහා පණ්ඩිත යනු මියන්මාර රජය විසින් විශිෂ්ට ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙත පිරිනමනු ලබන ගෞරවනීය බෞද්ධ නාමයකි. අග්ග මහා පණ්ඩිත යන්නෙහි අරුත “ප්‍රමුඛතම, ශ්‍රේෂ්ඨ හා ඥානවන්ත” යන පාලි පදවලින් උපුටා ගන්නා ලද්දකි.
 
 මෙම ගෞරව නාමය පිරිනමනු ලබන්නේ ධර්මය ඉගැන්වීම පිළිබඳ ඉහළ දැනුමක් ඇති බෞද්ධ භික්ෂූන් වහන්සේලාටය. වාර්ෂික උත්සවයක් ලෙස මියන්මාරයේ ජනාධිපතිවරයා විසින් මෙම ගෞරව නාමය පිරිනමනු ලබන්නේ, මියන්මාරයේ සංඝයා වහන්සේලා අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා රජය විසින් පත් කරන ලද ඉහළ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සංගමය වන මහා නාහිමිවරුන්ගේ කමිටුව විසින් යම් භික්ෂුවකගේ ප්‍රඥාව සහ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ගැඹුරින් විමසා බැලීමෙන් අනතුරුවය.
 
ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ගණනාවක් වෙත අතීතයේ දී මියන්මාර රජය විසින් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිරිනමා ඇති අතර, අවසන් වරට මෙම ගෞරව නාමය 2020 වසරේ දී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ වෙත පිරිනමන ලදී.
 
අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ සහ මහා සද්ධම්ම ජෝතික ධජ යන ගෞරව නාමයන් ද බොහෝ දුරට අධ්‍යාපනය සඳහා විශිෂ්ට සේවයක් කළ හා ධර්මයෙහි විශිෂ්ටයන් වූ භික්ෂූන් වහන්සේලා අගය කිරීම සඳහා මියන්මාර රජය විසින් පිරිනමනු ලබන ගෞරව නාමයන් වේ. සමහර අවස්ථාවල දී ධර්මය වෙනුවෙන් ඔවුන් කළ සේවය අගය කිරීම සඳහා ගිහි පුද්ගලයින් කිහිප දෙනෙකු වෙත ද මහා සද්ධම්ම ජෝතික ධජ යන ගෞරව නාමය ප්‍රදානය කර ඇත.


 



අදහස් (1)

මහයතිවර සිව්නමකට අග්ගමහා පණ්ඩිත පදවි

රසික Tuesday, 12 January 2021 12:37 PM

අග්ග මහා පණ්ඩිත යනු බුරුම රජයෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වශයෙන් හැඳින්වීම දොස් සහිත බව මගේ වැටහීමයි. අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමි වෙත අභිදජ මහා රට්ඨගුරු යන ගරු නාමය බුරුම රජයෙන් පිරිනැමුණු බව මට හොඳින් මතකයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 178 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 547 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 499 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 488 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 721 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 361 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site