(මනෝප්‍රිය ගුණසේකර)
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාර රැඳවියන් පැවැත්වු විරෝධතාවයේදී නිලධාරීන්ට පහර දුන් සහ බන්ධනාගාරයට හානි කළ රැඳවියන් 63 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා රහස් පොලිසියට නියම කළේය.
මෙම විරෝධතාවයේදී රැඳවියන් බන්ධනාගාර ගොඩනැඟිලිවලට ගිනිතැබීමෙන් සහ පහරදීමෙන් එම ගොඩනැඟිලවලට සහ අහාර ගබඩාවේ තිබු ආහාර තොගවලට රුපියල් කෝටි දෙකකට ආසන්න පාඩුවක් කොට ඇති බවට රජයේ තක්සේරු දෙපාර්තමෙන්තුව ඉදිරිපත් කළ වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
විරෝධතාවය අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැඟිලිවලට ගිනිතැබීමෙන් සහ පහරදීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑහතර ලක්‍ෂයකට අධික පාඩුවක් කොට ඇති බවත් විරෝධතාවය වන විට බන්ධගාරයේ රැස්කොට තිබු රුපියල් ලක්‍ෂ 19කට ආසන්න ආහාර තොග විනාශ කොට ඇති බවත් රජයේ තක්සේරු දෙපාර්තමෙන්තුව වාර්තාවක් මඟින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබිණී.
එම කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා අපරාධයන්ට සම්බන්ධ සියළු රැඳවියන් අත්අඩංගුවට ගැනීමට නියම කෙරිණී.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට පසුව ස
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහර බන්ධනාගාර කැරැල්ලට වගකිව යුතු රැඳවියන් අධිකරණයට
බී අමරසිංහ Tuesday, 16 May 2023 06:08 AM
රැඳිවියන් විතරද? පහත් තැනින් යයි ගලා,,,,,