IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට

(ගයාන් සූරිය ආරච්චි)

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ  11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙවණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි. 

මියගිය පුද්ගලයාගේ බිරිය දරු ප්‍රසූතිය සඳහා ඊයේ (12)  රෝහල්ගත කර ඇති අතර   දරු ප්‍රසූතියේදී කුළුඳුල් බිළිඳා  මියගොස් තිබූ  බව පොලිසිය පවසයි.

දරුවා මිය යෑමෙන් මියගිය පුද්ගලයා ඉතා ශෝකයෙන් පසු වී ඇති බවත් නිවසේ පුද්ගලයන් සමග කතා නොකර සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 මියගිය දරුවා අද (13) මාදම්පිටිය පොදු සුසාන භූමියේ   මිහිදන් කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයා මහල් නිවාසයට පැමිණ හුදකලාව සිට ඇති බවත් එකවරම ශබ්දයක් ඇති නිවැසියන් බලන විට ඔහු මහල් නිවාසයෙන් වැටී සිටි බවත් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයාගේ බිරිය තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (14) සිදුකිරීමට නියමිතව තිබුණි.

කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස් කේ රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි II සේමසිංහ මහතාගේ මෙහෙයවීම මත  ම්හිජය සෙවණ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 968 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


හිජාබයට විරුද්ධ නම් මානසික රෝගීන්
2024 නොවැම්බර් මස 14 465 0

ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක්


තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ
2024 නොවැම්බර් මස 14 137 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.15 ට පමණ ආරම්භ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි
2024 නොවැම්බර් මස 14 78 0

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර


ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 14 670 0

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිස


තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ
2024 නොවැම්බර් මස 14 784 0

ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 224 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 546 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1658 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site