IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මහවැලියේ මහා ඉඩම් කොල්ලය

(විශේෂ වාර්තාකරුවකුගෙනි)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයේ තඹුත්තේගම, නොච්චියාගම හා ගල්නෑව නගරවල පිහිටි රජයේ වටිනා ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් හා මහවැලි නිලධාරීන් අතරේ රහසිගතව බෙදා දෙමින් පවතින බව වාර්තා වේ.

මහවැලි අධිකාරිය හරහා ඉඩම් බෙදා දීම ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 11 වැනි දින තහනම් කරනු ලැබ ඇති පසුබිමක පොළොන්නරුව ප්‍රදේශයේ දේශපාලන ආධාරකරුවන් පිරිසකටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තු වලටත් පර්චස් 10 - 20 බැගින් වූ ඉඩම් කැබැලි 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස බෙදා දීම රහසිගතව සිදුවන බව ද දැනගන්නට ඇත.

වාරීමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත, ඉඩම් ලබා දීම සඳහා එම මන්ත්‍රීවරුන්ගෙන් නම් ලැයිස්තු ලබාගෙන රජයේ නේවාසික ඉඩම් නොමැති තැනැත්තන් වෙත පදිංචිය සඳහා බිම් කොටස් බැහැර කිරීමට යැයි පවසා මහවැලි අමාත්‍යවරයාගේ විශේෂ තේරීම් යටතේ  රහසිගතව ඉඩම් කච්චේරි පවත්වා මෙලෙස ඉඩම් බෙදා දීමේ කටයුතු සිදු වන බව මහවැලි අධිකාරි කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එහිදී එම මන්ත්‍රීවරුන් විසින් සකස් කරන ලද ලැයිස්තුවල එම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්, ආරක්ෂ නිලධාරීන් මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයන් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු දේශපාලකයන්ගේ ආධාරකරුවන් මහවැලි අධිකාරියේ උසස් නිලධාරීන් හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.

ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඔවුන්ගෙන් බදු මුදල් පවා අය කර ගැනීම ද සිදු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ඔවුන්ට තවමත් ඉඩම් පෙන්වා මායිම් ලකුණු කර නැති බවත්, මෙම සතිය තුළ එය සිදු කිරීමට නියමිත බවත් මහවැලි අධිකාරී කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම ඉඩම් සඳහා රජයේ බදු මුදල් අය කර ගැනීමේ දී මෙන්ම, වටිනාකමින් වැඩි නගරාසන්නයෙන් ඉඩම් වෙන් කර ගැනීම වෙනුවෙන් මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීයකු සන්තෝසම් ලබා ගෙන ඇතැයි ද වාර්තා වේ.

 නගරාසන්නයෙ වටිනාකමින් ඉහළ ඉඩම් ලබා ගැනීමට නම් මහවැලි අධිකාරියේ ප්‍රදේශයේ උසස් නිලධාරියකුට සන්තෝෂම් ලබා දිය යුතු යැයි පවසා තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු රජයට ගෙවිය යුතු බදු  මුදල මෙන් දෙතුන් ගුණයක් වැඩියෙන් මුදල් අය කර ගෙන ඇති අතර, ඒසේ මුදල් ලබා එම මන්ත්‍රීවරයා පමණක් තඹුත්තේගම නගර මධ්‍යයෙන් ඉඩම් ලබා ගෙන ඇතැයි දැනගන්නට ඇත.

සෙසු අය වෙත අතුරු මාර්ගයන්හී ඉඩම් වෙන් කර ගැනීමට කටයුතු කරන බවට තොරතුරු සැලවීම් හේතුවෙන් අදාළ එම ලැයිස්තුවල සිටින පිරිස් අතර ද මේ වන විට මත ගැටුම් ඇති වී ඇතැයි වාර්තා වේ.

පසුගිය දින කීපය පුරා බදු අය කරගනිමින්, බදු බලපත්‍රද ඇතැම් පිරිස්වලට වෙත ලබා දී, මෙම සතිය තුළ ඉඩම් මායිම් ලකුණු කර දෙන බවට මහවැලි අධිකාරිය දැනුම්වත් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

මෙලෙස ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇති බහුතරයක් අයැදුම්කරුවන්ට ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකරුවන් හා ඒකක කළමනාකරුවන් හරහා කූඨ ලේඛන සකස් කර අසත්‍ය තොරතුරු ලබා දී මෙම ඉඩම් ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් වාර්තා වේ.

මෙම පිරිස් අතරින් ඇතැම් පිරිස් දිස්ත්‍රික්කය තුළ හෝ පළාත තුළ පදිංචි අය නොවන අතර වෙනත් ප්‍රදේශවල ස්ථීර පදිංචි පුද්ගලයන් බවත්, ප්‍රදේශයේ වටිනා ඉඩම්, ඉඩම් හිමි පිටස්තර පුද්ගලයන්ට ලබා දීම හරහා ප්‍රදේශයේ ඉඩම් නොමැති පුද්ගලයන්ට ඉඩම් අහිමි වන බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම චෝදනා සම්බන්ධයෙන් මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඩබ්ලිව් සුගත් වීරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ එම ඉඩම් බැහැර කර දැන් මාසයක් පමණ ගතවී ඇති බවය.

මහවැලි අධිකාරියේ උසස් නිලධාරියකු මෙම ඉඩම් බෙදා දීමේ දී සන්තෝෂම් ලබා ගෙන ඇත්දැයි කළ විමසීමකදී ඔහු කියා සිටියේ, මෙම කටයුතු විනිවිදභාවයෙන් සිදු කර ඇති බවත්, අල්ලස් ලබා ගෙන ඇතැයි චෝදනා කරන්නේ නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර ඒ සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවත්ය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගන්නා ලෙස පවසා ඔහු දුරකථනය විසන්ධි කළේය.

අනතුරුව අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ”‍දැන් ඉඩම් බෙදා දීම්, බැහැර කිරීම් කිසිම දෙයක් කරන්න බෑ, ජනාධිපතිතුමා නවත්වලා තියෙන්නේ’’ යනුවෙනි.

මේ සම්බන්ධ වැඩි විස්තර නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.කේ.වී. විජේවීර මහත්මියගෙන් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

ඒ අනුව විජේවීර මහත්මියගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ, විශේෂ තේරීම් යටතේ, රජයේ ඉඩම් ආඥා පනත හා ආදායම් පන්තියට අනුව බදු අය කරගනිමින් නගර සීමාවන්හී නේවාසික ඉඩම් පර්චස් 20 බැගින් ලබා දීම පසුගිය කාලයේ සිදු කළ බවය.

නමුත් නොවැම්බර් මස 11 වැනි දින නිකුත් කළ ජනාධිපතිතුමන්ගේ නියෝග මත ඉඩම් බැහැර කිරීම් මේ වනවිට නවතා ඇති බවයි.

ඊට පෙර සිදු කළ ඉඩම් බැහැර කිරීමක් ගැනද දන්නේ නෑ ඔය කියන්නේ යැයිද පැවසුවාය.

අනතුරුව මේ දිනවල ද බදු අය කරමින්, මෙම ඉඩම් සඳහා මායිම් ලකුණු කිරීම මෙම සතිය තුළ සිදු කිරීමට නියමිත බවත් ඔබට ලැබී ඇති තොරතුරු ගැන විමසූ විට ඇය කියා සිටියේ, දැන් බදු අය කරලා දැන් මායිම් පෙන්වන්න බෑ. මං මේ ගැන සොයා බලන්නම් යනුවෙනි.

ඉඩම් හිමි පුද්ගලයන් කූඨ ලේඛන සකස් කර මෙම ලැයිස්තුවලට ඇතුළත් වී ඇති බව අප කී විට ඇය මෙසේ කීවාය. මේ පුද්ගලයන් සුදුසුකම් සපුරා තියෙනවා කියලා නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන් හරහා කොළඹට එවනවා. අපි ඒ අනුව කටයුතු කරනවා, වැරදි අය තෝරලා තියෙනවා නම් ඒ කරලා තියෙන්නේ නේවාසික ව්‍යපාර කළමනාකාරවරුන්, අපිට පැමිණිලි ලැබුණොත් අපි මේ ගැන සොයා බලනවා. මේ සම්බන්ධ විරෝධතා ආවොත් අනවශ්‍ය ලෙස අනවශ්‍ය පුද්ගලයන්ට දී තිබෙනවා නම් ඒවා අහෝසි කරන්න පුළුවන්. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල නේවාසික ව්‍යාපාර කළමනාකාරවරුන්ට ලබා දීලා තියෙනවා. නිවැරැදි තොරතුරු ලබා දී නිවැරැදිව රාජකාරී කිරීම ඔවුන්ගේ වගකීමක්. මම මේ ගැන සොයා බලා කටයුතු කරන්නම් යැයි ඇය පැවසුවාය.

අනතුරුව අප මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ඉඩම්) ගාමිණි ගුණවර්ධන මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පසුගිය වසරේ ඉඩම් බැහැර කිරීම් සිදු කළ නමුත්, නොවැම්බර් මස 11 වැනි දිනෙන් පසු ඉඩම් බැහැර කිරීම් නවතන ලෙස ජනපතිතුමන් නියෝග කර ඇති බවයි.

නොවැම්බර් මස 11 වැනි දිනට පෙර ඉඩම් බැහැර කිරීම මහවැලියට කළ හැකි වූවත්, ඉන් පසු ඉඩම් බැහැර කිරීමේ හැකියාවක් නැති බවද, නේවාසික ඉඩමක් හිමි පුද්ගලයකු කූඨ ලේඛන සකසා යම් හෙයකින් මහවැලිය හරහා ඉඩම් ලබා ගැනීමක් සිදු කර ඇත්නම් මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කර ඒවා අහෝසි කිරීමට හැකි බවද ඔහු පැවසීය.



අදහස් (2)

මහවැලියේ මහා ඉඩම් කොල්ලය

A.d.s kumsrasinghe Tuesday, 02 May 2023 03:44 PM

මහවැලි ඉඩම් බැහැර කිරීමට පනතෙන් ඇමැති තුමාට බලය ඇත. හිටපු සියලු ඇමැතිතුමන්ලා එසේ ඉඩම් බැහැර කර ඇත.

:       0       0

Bamunuarachchi Friday, 05 May 2023 09:45 AM

හම්බයින්ට මේ ඉඩම් ලැබිලා තිබෙනවා නම් ඒ අල්ලසට දීපු ඒවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 61 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 53 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 776 0

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 845 0

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 513 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 94 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site