IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි

(රෝෂන් තුෂාර)

මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (21) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර අත්අඩංගුවට ගැනීම සඳහා රංගා මහතා පදිංචි ස්ථානවලට ගියද ඔහු එම ස්ථානවල නොසිටි බවට කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ මහ මොලකරු යැයි හඳුනාගෙන ඇති ජේ ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට නොගෙන පොඩි පොඩි අය අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමක් නිසා නිසා දැයි දැනට රක්ෂිත භාරයේ සිටින සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් විමසා සිටියේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන් අට දෙනකු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් සිය සේවා දායකයින් මෙම පෝස්ටරය කොන්ත්‍රාත්තුවක් මත කොළඹ ප්‍රදේශයේ අලවා ඇති බවත් එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා බවත් සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරුවරයකුගේ බව දන්නේ නම් සිය සේවා දායකයන් මීට කිසිසේත් අනුගත නොවන බවද කරුණු දැක්වීය.සිද්ධිය සම්බන්ධයෙන් පොඩි පොඩි අය අත්අඩංගුවට ගෙන මෙහි මහ මොලකරු යයි දැනට හඳුනාගෙන ඇති ජේසී රංගා මහතා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ගුණරත්න මහතා ප්‍රශ්න කර සිටියේය.

 



අදහස් (0)

මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 5 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 133 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 199 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 40 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 782 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 590 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site