IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ

(ෂේන් සෙනෙවිරත්න )

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

සාමාන්‍ය පෙළ හෝ සමත් වී නොමැති සැකකරු විසින් සිදු කොට ඇති මෙම මහා මුදල් වංචාවට හසු වූ වැඩි පිරිස විශ්ව විද්‍යාල සිසුන් වීමද විශේෂත්වයක් බව පොලිසිය කියයි .

සැකකරු ව්‍යාජ සබැඳියක් නිර්මාණය කොට සමාජ මාධ්‍යයට මුදාහැර විවිධ පරිගණක තරග පවත්වා සුළු සුළු මුදල් ත්‍යාග ලබා දී විශ්වාසය ගොඩනගාගෙන පසුව අදාල ව්‍යාපාරික ආයතනය මගින් පවත්වනු ලබන සේල් වෙළඳ භාණ්ඩ අලෙවි වැඩසටහන් වල භාණ්ඩ මිලදී ගැනීමට යැයි පවසමින් ඔවුන්ගේ ගිණුම් වලට මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි .

සැකකරු එසේ එකවර මුදල් ලබා නොගෙන කොටස් වශයෙන් මුදල් ලබා ගනිමින් රුපියල් ලක්ෂ එකහමාර දෙක වැනි ශේෂයකට පැමිණි පසු දුරකථන අංක අවහිර කොට දමා ඇති බවද පොලිසිය කියයි .

මේ අයුරින් ඉතා කෙටි කලක් තුළදී රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වංචා කොට ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර එම මුදල තවත් වැඩි විය හැකි බවද පොලිසිය කියයි .

ඔවුන් ඒ සඳහා බැංකු ගිණුම් නවයක් භාවිතා කොට ඇති අතර තණමල් විල ප්‍රදේශයේ විවෘත කොට තිබූ බැංකු ගිණුම් දෙකක් හරහා සිදුකළ විමර්ශනයකින් පසු තනමල් විල ප්‍රදේශයේ නිවසක සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම මහා මුදල් ජාවාරම මෙහෙය වූ බවට සැක කරන තවත් කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කෙරේ .

 



අදහස් (0)

මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 10 0 0

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 851 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1022 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 532 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 304 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 327 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site