IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව 2024 මහා බැංකු වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාවේ සඳහන් වන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය  ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත අද පිළිගැන්වීය.

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික  පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි  ප්‍රගතිය එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වීය.

වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.

මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත. මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවෙහි අඩුවීම යනාදිය වේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙගජීවන් සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

 



අදහස් (6)

මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

යෝගා Monday, 07 April 2025 02:48 PM

2024 අග වෙනකොට රනිල් ගොඩගත්තු රට නැවතත් ප්‍රපාතයට තල්ලුවෙමින් පවතිනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය එකක්, කරන්නේ හාත්පසින්ම විරුද්ධ දේවල්. දැනටමත් පුනරුදය කනපිට ගහලා...

:       6       14

කව්ද බෝයි Monday, 07 April 2025 03:38 PM

රට මොන ප්‍රපාතයකට ගියත්, පුනරුදය මොනපිටක් ගැහුවත්, රටේ ජනතාව හොරු-තක්කඩින්ව ආපහු බලයට ගේන්නේ නම් නෑ. ඒක සහතිකයි.

:       10       5

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 07 April 2025 03:39 PM

ජනාධිපති වුණාම හිරේ දානවා කියපු මහා බැංකු අධිපතියි, භාණ්ඩාගාර ලේකම් එක්ක එකට ඉන්න බය හිතෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ලැජ්ජා නැද්ද ලප කුමාර...?

:       1       11

Janitha Monday, 07 April 2025 11:18 PM

"මම හිතන්නේ මේක ඉස්සර ගත්ත ෆොටෝ එකක්. අනුර ආවට පස්සේ නන්දලාල්ලව ඇතුළට දැම්මානේ . අනුර ට්‍රම්ප් වගේමයි — කියපු දේවල් ලෙසටම කරා!"

:       0       1

Kawda boie Monday, 07 April 2025 11:23 PM

දැනෙන්නේ නම් නෑ පුතී

:       0       0

Wanasinha Tuesday, 08 April 2025 12:03 AM

කවුද බෝයි ,වහල්කම කියන්නේ ඒකට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 10 5 0

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා


මෙරට සුන්දරත්වය විඳින්න දින හයට තිස්අට දහසක් ඇවිත්
2025 අප්‍රේල් මස 10 113 0

මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.


ආණ්ඩුවට ලැබී තියෙන්නේ වරමක් නොව දඬුවමක්
2025 අප්‍රේල් මස 10 302 0

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


නීතීවිරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි
2025 අප්‍රේල් මස 10 159 0

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


දෙදරුපියා මරුවාට ස්පා කත ඇතුළු හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 581 0

ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියකගේ ලිංගික දර්ශන සූක්ෂම ලෙස පටිගත කර, ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් එම තරුණිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ බව ක


’’පුතානෝලගේ පියානෝලා අළුගෝසුවෝ’’
2025 අප්‍රේල් මස 10 283 0

එදා අළුගෝසුවන් ලෙස කටයුතු කළේ පුතානෝලගේ පියානෝලා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 309 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 883 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site