IMG-LOGO

2024 දෙසැම්බර් මස 29 වන ඉරිදා


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිළෙයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු  ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර අතර  ඇතිවුණු  මතභේදය  තවදුරටත් උත්සන්නවී   ලොකු ගැටුමකට මුල පුරන  තත්වයක් නිර්මාණය වෙමින්  පවතින බව වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය දිගින් දිගටම චෝදනා කරද්දී රටේ පවතින තත්වය අනුව එම  ආරක්ෂාව ප්‍රමාණවත් බවට රජයේ පාර්ශවය දිගින් දිගටම ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම මතභේදාත්මක තත්ත්වය මතුවි ඇත.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනටමත්  තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට තීරණය ගත්තේ නිසි  ආරක්ෂක තක්සේරුවකින් අනතුරුව බවයි.

එය එසේ නොවේ යැයි පවසන්නේ නම් ඒ ගැන යළි සලකා බැලීමට හැකියාව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ  මනෝජ්  ගමගේ මහතා පසුගියදා  ඉගියක් කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට  දෙන්නේ පොලිසියේ හැට දෙනකු  පමණි.

රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි හමුදාවේ 227ක් පසුගියදා ඉවත් කෙරිණ



අදහස් (12)

මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිළෙයි

පම්පෝරි ජනක Saturday, 28 December 2024 03:45 PM

මාලිමාවට රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ ඔය ගොල්ලන්ට වෙන්කරලා තියන අනවශ්‍ය වියදම් අයින් කරන්න. ඒක හින්දා විපක්ෂයේ කෑගැහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ.

:       256       196

ලසා Saturday, 28 December 2024 04:11 PM

ඔය 60ත් වැඩියි. මේ නාකි මහල්ලා හෙන වලින් බේරා ගන්න ඕනෑ නම් අකුණු සන්නායකයක් දෙන්න. හෙල්පින් හම්බන්තොට සල්ලි වලින් ඕනෑ නම් පුද්ගලික ආරක්ෂක කට්ටියක් ගන්න පුළුවන්නේ...!

:       175       145

ජයන්ත Saturday, 28 December 2024 04:15 PM

මහින්ද රාජපක්ෂව වහාම අත්අඩංගුවට ගන්න. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන්න...

:       139       108

Perera Saturday, 28 December 2024 04:20 PM

දෙපැත්ත ඇවිලෙනවා නම් එයාව මැද්දට දාලා ඉවරයක් කරන්නකෝ..

:       89       85

පිටිගල මිලානෝ Saturday, 28 December 2024 04:28 PM

මහජනයා එන් පී පී එකේ ප්‍රතිපත්තියක් වක පැන්ෂන් ජනාධිපතිලාගේ අනවශ්‍ය ආරක්ෂක පිරිවැය අඩුකරන්න තමයි ඡන්දේ දුන්නේ. ඉතින් ඒ සම්මුතියට අනුව එය සිදුවීම තමයි මහජන කැමැත්ත හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය..

:       90       81

වික්‍රව විදුර Saturday, 28 December 2024 04:30 PM

ඉතිං ඔය නඩු කියන්න වියදම් කරන සල්ලියි.. ඇල්ලුවාම හෙලිකොප්ටරෙන් ගිහිං බදාගත්ත කුඩ්ඩන්ගෙනුයි සල්ලි ඉල්ලා ගනිල්ලකෝ.. ඇරත් අර මීහරක් වගේ පුස් ඇඟවල් තියන හරක් තුන් දෙනෙකුත් ඉන්නේ පිං බත් ගිලගිල.. ඔවුන්ට බැරි නම් තාත්තගේ ආරක්ෂාවට යන්න අපි මොකට ආරක්සා කරන්නද? ඔවුන් ලෝකෙ වටේ ආතල් ගන්න යන්නයි අපි නාකි ගාඩ් කරන්න වියදම් කරන්නයි...

:       81       73

කසුන් Saturday, 28 December 2024 04:38 PM

මහින්දව කෑවේ වටේ ඉන්න එවුන්. තවත් කරන්නේ ඒ මිනිහා අල්ලන් කන එක... ඒ මනුස්සයා මරන්න කිසිම කෙනෙක් දැන් නැහැ. එහෙම නම් නියම යුද්දේ කරපු ෆොන්සේකාට ඒ වගේ දහ ගුණයක් ආරක්ෂාව දෙන්න ඕනෑ. ඒ නිසා ස්ද්ද නැතිව හිටහල්ලා. දැන් නිකම් පොලිස් කාරයෝ දහයක් හිටියාම හොඳටම ඇති...!

:       74       64

Ragu Saturday, 28 December 2024 04:50 PM

මහින්ද මහත්තයා අපිව නැති කළා. හොඳ වැඩේ තව අඩු කරන්න.

:       68       69

fairoos Saturday, 28 December 2024 04:54 PM

ඉතින් ගිහින් අධිකරණයට කියන්න. එතැනින් කිව්වොත් කරන්නම්...

:       60       60

sk Saturday, 28 December 2024 04:59 PM

ඇවිලෙන පොදු පෙරමුණට කට්ටිය ඉන්නවා දැන්...

:       59       40

Kazi Shajahan Saturday, 28 December 2024 04:59 PM

මෙයාට ආරක්ෂකයෝ නෙවෙයි... සාත්තු සේවකයෝ ටිකක් වැඩි කරන්න.. අඩුගානේ ඒ මනුස්සයාව නැගිටුවන්න.

:       56       69

prasanna Saturday, 28 December 2024 05:19 PM

කොටි මැරුවට... ජවිපය වගේ අහිංසක ජනතාව මරලා ගෙවල් ගිනිතියලා නෑ... හිරේ යවන්න ඕනෑ අය දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ...

:       83       163

ඔබේ අදහස් එවන්න

දියත

දකුණු කොරියාවේ ගුවන් අනතුරක්
2024 දෙසැම්බර් මස 29 228 0

තායිලන්තයේ සිට දකුණු කොරියාවට ආ මගී ගුවන් යානයක් මීට ස්වල්ප වේලාවකට කලින් අනතුරට පත් විය.


ජල පොම්පාගාර සේවකයන් සුදු ගඟට බිලි
2024 දෙසැම්බර් මස 29 106 0

මාතලේ කිවුල ජල පොම්පාගාරය අසළ පිරිසිදු කරමින් සිටි අයකු සුදු ගඟේ ජල පහරට හසු විමෙන් ජලමේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු බේරා ගැනිමට ගිය පුද්ගලයාද ජල පහරට හසුව


ත්‍රීවිල් හොරෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 29 70 0

කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි තීරෝද රථ සොරාගත් පුද්ගලයකු හා එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් සිව් දෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නව


පළාත් කීපකට සවස් කාලයේ වැසි
2024 දෙසැම්බර් මස 29 26 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පුටින් සමාව ඉල්ලයි
2024 දෙසැම්බර් මස 29 777 0

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ,


පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි
2024 දෙසැම්බර් මස 28 1986 0

දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපි


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 208 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 139 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 110 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site