IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


මහින්දට හිමි වරප්‍රසාද ඉවත් කළේ නෑ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ප්‍රතිලාභ සියල්ල  ලබා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවද  ජනාධිපති කාර්යාලයේ කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි බව ජනාධිපති කාර්යාලය පවසයි.

එමෙන්ම දැනට වාහන 3ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008,  Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබේ. 

ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි. 

ඒ වෙනුවෙන් දැනට සේවයේ නියතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටිති.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.



අදහස් (7)

මහින්දට හිමි වරප්‍රසාද ඉවත් කළේ නෑ

වික්‍රම විද්‍රර Friday, 01 November 2024 07:48 PM

මැරිචිච මළ කුණක්.. 2013 කඩ්ඩෙක්ව බදාගත්තු දවසේ ඉවරයි. දැන් තියාගෙන ඉන්නේ මළකුණක්.. ඒ්ක ආරක්ෂා කරන්න අපිට බදු ගෙවන්න බෑ... ඔය මලකුණ ඉක්මනටම වලදාලා දාන්න.

:       13       8

LUCKYFriday, 01 November 2024 09:13 PM

මොකට ඉපදුණාද මම දන්නේ නෑ...

:       3       6

Priyantha Dissanayake Friday, 01 November 2024 07:50 PM

කරුණාකර වේදිකාවේ කීව්ව විදිහට වැඩ කරන්න. සිය ගණන් ආරක්ෂකයෝ මොකටද..? මෙහෙම වෙලා අපේ රට කොහොමද ඔලුව උස්සන්නේ...? එහෙම බැරි නම් ආරක්ෂාව පිළිබඳව ලොකු ගැටළු ඇත්තටම තිබෙනවා නම් ඔය ජනාධිපතිවරු සියලුම දෙනා එක ස්ථානයක් ආරක්ෂක නිවස්නයක තබා අපේ රටට දැරිය හැකි අයුරින් කටයුතු කරන්න. නමුත් ගැහුව පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ වගේ වැඩ කරලා මිනිසුන් රවටන්න නම් හිතන්න එපා.

:       6       4

පිටිගල මිලානෝ Friday, 01 November 2024 08:03 PM

ලෝකයේ පොහොසතුන් පමණක් පදින මර්සිඩිස් බෙන්ස් මේබාක් රථයක මිල කෝටි විස්සක් පමණ වනවා. මර්සිඩීස් බෙන්ස් ජී 63 4x4 ජී මෙඩල් ජීප් රිය රුපියල් කෝටි පහළොවක් වෙනවා. මීට වඩා අඩු වටිනාකමක් ඇති වාහන දෙන්න බැරි ඇයි…? ඩබල් කැබ් වගේ… මේවා අපේ සල්ලි නාස්ති කිරීමක්. පනතේ මේ වාහනම දෙන්න කියලා නැහැ...

:       8       9

ranjith Friday, 01 November 2024 08:35 PM

ඡන්දයට කළින් කිව්ව ඒවා දියාරු වේගෙන එනවද මන්දා...?

:       2       2

Achini Friday, 01 November 2024 08:42 PM

ඔවුන් කියන්නේ ඔවුන්ට තියෙන දේ මදි, ඒකයි වැඩිපුර ඉල්ලන්නේ...!

:       1       5

Shaf Friday, 01 November 2024 08:45 PM

ඔවුන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ ජනතාවගේ බදු මුදලින්. දැන් තියෙන දේ මදි කියලා තමයි අඬන්නේ...!

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

රුසියාවෙන් ගූගල් මවු සමාගමට තරු පෙනෙන දඩයක්
2024 නොවැම්බර් මස 01 50 0

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු රාජ්‍ය නාලිකාවලට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් වරදකරු කරමින් රුස


මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට
2024 නොවැම්බර් මස 01 45 0

මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.


සුහද මාරුවටත් මැකො අනුමැතිය ඕනේ
2024 නොවැම්බර් මස 01 63 0

රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගො


විදෙස් ගමන් බලපත් ගැටලුව ලිහන හැටි දෙපාර්තමේන්තුව පවසයි
2024 නොවැම්බර් මස 01 166 0

නොවැම්බර් මස අග භාගයේදී තවත් විදේශ ගමන් බලපත්‍ර 100,000ක් ද දෙසැම්බර් මාසයේදී තවත් ගමන් බලපත්‍ර 150,000ක පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීම


ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 01 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය.


මැකෝගෙන් රජයේ ලොක්කන්ට රතු එළියක්
2024 නොවැම්බර් මස 01 820 0

ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1170 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 652 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site