IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය දෙසැම්බර් 02 ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීම් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි (සභාපති), ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරේ.

2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.

මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස හිටපු සභාපති වත්මන් වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

 



අදහස් (4)

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට

Chaminda Kumara Friday, 04 October 2024 04:18 PM

අනිවාර්යෙන් හිරේ ඉන්න ඕනේ කෙනෙක්. මේ රටට කරපු අපරාදෙට නීතියෙන් නැතත් සොබා දහමින් හරි මේ වගේ කාලකන්ණි මිනිස්සුන්ට දඩුවම් ලැබෙන්න ඕනේ. හොරා කාපු ධනය වෙනුවෙන් දාඩිය මහන්සිය වපුරපු පොඩි මිනිසුන්ගේ සාපය අනිවාර්යෙන් වදිනවා. දඩුවම් ලැබිය යුතුමයි.

:       0       13

උකුස්සා Friday, 04 October 2024 04:25 PM

නොවැම්බර් 14 ඉත්තා වලේ...

:       0       10

විජිත් Friday, 04 October 2024 05:29 PM

මේ නඩුවෙන් මේ හාදයා අවුරුදු 10ක් වත් කූඩුවට යනවා. ඒ අතරේ තව නඩු හැට හුටාමාරක් මේකට තියෙනවා. අනිවාර්යයෙන්ම මරණ දණ්ඩනය හිමිවෙන " චීනෙන් කක්කා නැවක් ගෙනැල්ලා කොමිස් ගහපු නඩුවත් එනවා. අසුචි වලින් කොමිස් ගහපු මුට අසූචි කවලාම මැරෙන විදිහට මරණ දණ්ඩනය දෙන්න ඕනා.

:       0       8

Prasanna Friday, 04 October 2024 05:40 PM

කම්බ හොරු...!

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 54 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 758 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 616 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 336 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2546 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 942 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38893 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site