(රෝෂන් තුෂාර)
මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (21) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර අත්අඩංගුවට ගැනීම සඳහා රංගා මහතා පදිංචි ස්ථානවලට ගියද ඔහු එම ස්ථානවල නොසිටි බවට කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ මහ මොලකරු යැයි හඳුනාගෙන ඇති ජේ ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට නොගෙන පොඩි පොඩි අය අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමක් නිසා නිසා දැයි දැනට රක්ෂිත භාරයේ සිටින සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් විමසා සිටියේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන් අට දෙනකු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් සිය සේවා දායකයින් මෙම පෝස්ටරය කොන්ත්‍රාත්තුවක් මත කොළඹ ප්‍රදේශයේ අලවා ඇති බවත් එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා බවත් සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරුවරයකුගේ බව දන්නේ නම් සිය සේවා දායකයන් මීට කිසිසේත් අනුගත නොවන බවද කරුණු දැක්වීය.සිද්ධිය සම්බන්ධයෙන් පොඩි පොඩි අය අත්අඩංගුවට ගෙන මෙහි මහ මොලකරු යයි දැනට හඳුනාගෙන ඇති ජේසී රංගා මහතා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ගුණරත්න මහතා ප්‍රශ්න කර සිටියේය.
රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අම
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.
සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයී
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි
මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්
මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි