(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර ගණනාවක සිට ගොඩනැගිලි නොමැතිකමින් ගස් යට අකුරු කරන ආණමඩුව ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලයේ දරුවන් වෙත කිසිදු බලධාරියකුගේ අවධානය යොමු වී නැති බව දෙමව්පියෝ පවසති.
1980 දශකයේ ඉගිනිමිටිය ව්‍යාපාරය ආරම්භ කිරිමක් සමඟ ඇරඹී ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලය පළමු ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා පංති පැවති බවත් ප්‍රදේශයේ දිප්තිමත් පාසලක් වූ බවද කියයි.
කෙසේ නමුත් මේ වන විට කිසිඳු මුලික පහසුකමක් නොමැති මෙම දරුවන් වසර ගණනාවක සිට අන්ත අසරණ කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි බරපතල ගැටළු මතු කර තිබේ. ගරා වැටුණු ගොඩනැගිල්ල හා අබලන් වැසිකිළි කැසිකිළි පද්ධතිය මේ දරුවන් තවත් අසරණ කර තිබේ. එසේම බීමට පිරිසිදු ජලය මේ භූමියේ නොමැත.
වසර 30 කට පෙර පාසල ආරම්භ කිරිමත් සමඟ ඉදිකළ එකම ගොඩනැගිල්ල හැර කිසිඳු ගොඩනැගිල්ලක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ වන තුරු ලබා දී නොමැති බව දෙමව්පියෝ පවසති.
එසේම වසර 30 කට පෙර ඇරඹී මෙම පාසලට හිමි වූ එකම ගොඩනැගිල්ල අද වනවිට බරපතල ලෙස අබලන් වී තිබේ.
එහි බිත්ති පුපුරා තැනින් තැන ගිලා බැසීමකට පවා ලක්වී තිබේ.මෙම ගොඩනැගිල්ලේ වහලයේ පරාල වලට කෘමින් හානි කරමින් විශාල රංචු ලෙස රැදී සිටීමත් සමඟ මේ වන විට වහලය කඩා වැටීමේ අවදානමකට ලක් වී තිබේ.
මේ නිසාම දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවන් අබලන් ගොඩනැගිල්ලේ අධ්‍යාපනය හැදැරු දරුවන් එයින් ඉවත් කර ගැනීම සිදුකර ඇත්තේ බළධාරින්ට දිගින් දිගටම කළ ඉල්ලීම් පසෙක දැමීමේ තත්වය හමුවේ බව කියයි.
උගතුන් රැසකට මුලාරම්භය වු ඉහළ උස්වැව ධර්මාශෝක විද්‍යාලය අද වන විට පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිමා වී තිබේ.
මේ වන විට මුළු පාසලේ දරුවන් පිරිස ද 112 කට අඩුවී ඇත්තේ පාසල තුළ පවතින අඩුපාඩු හේතුවෙන් දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනත් පාසල් වෙත රැගෙන යාමේ හේතු මත කියයි.
කෙසේ නමුත් දෙමාපියන් පවසන්නේ වසර වසර 30 කින් කිසිදු බලධාරියකු මෙම පාසල තුළ පවතින අඩුපාඩු සොයා නොබැලිම බරපතල ගැටළුවක් වී ඇත.
ඩිජීටල් තාක්ෂණය හරහා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට සුදානම් වන වගකිව යුත්තන්ට ඉහළ උස්වැව දරුවන්ගේ දෑස පාදන්නට පාසල තුළ පවතින සමස්ත අඩුපාඩු සකසා දෙන්නේ කවදා දැයි මේ දරුවන් බලා සිටිති .
මේ පිළිබදව කළ විමසිමේ දී පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු.පී.එස්.කේ. විජේසිංහ මහතා මෙසේ පැවසීය.
“ පාසලේ පවතින තත්වය අනුව අපි කඩිනමින් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන්න කටයුතු කරනවා. ඉතිරි ගැටලුත් අපි ඉක්මණින් විසඳන්න කටයුතු කරමින් සිටිනවා.මෙම පාසලට අකුරු කරන්නට පැමිණෙන දරුවන් අතරින් බහුතරයක දරුවන්ගේ මව්පියන්ගේ රැකියාව දෛනික කුලී වැඩ කිරිමයි. එවන් වටපිටාවක තම දරුවන්ගේ අනාගතය ජය ගැනීමට මේ මව් පියන්ට සිහිනයක් වී තිබෙනවා.’’
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ උස්වැව දරුවෝ ගස් යට අකුරු කරති
Raveendra Friday, 18 September 2020 08:54 AM
අහිංසක මහජනතාවගේ බදුමුදල්වලින් පිනට ගන්න වාහන පර්මිට් එකට අඬන මහජන නියෝජිතයින්ට මේ අහිංසක දරුවන්ගේ පාසලේ අඩුපාඩු යථාර්තවාදීව දැකීමට හැකිවේවා..!!!
Pradeep Friday, 18 September 2020 10:59 AM
රටේ මෙවන් මූලික අවශ්‍යතාවයන්වත් නොමැති පාසැල් කොතෙකුත් තිබියදී තමයි පහුගිය රජයේ බලධාරින් පාසැල් සිසුන්ට ටැබ් දෙන්න යෝජනා කලේ... අනේ මේ දරුවන්ට කවදා නම් ටැබ් ලැබේවිද? අධ්‍යාපන ඇමති සහ බලධාරීන් කොළඹින් පිට පළාත්වල සංචාරය කර පාසල්වල තත්වයන් ගැන විමසා බලා තීන්දු තීරණ ගන්නවා නම් වටිනවා. AC කාමරවල පුටු රත්කරමින් ඉඳ තීරණ ගන්නේ නැතුව...
janahitha Friday, 18 September 2020 11:47 AM
මේ ගැන ජනාධිපතිට දන්වා යවනවා... මේ අලුත්වැඩියාව මහවැඩක් නොවේ. නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව පෙන්වන්නක්.. කලාප අධ්‍යක්ෂක ඉවත් කරන්නත්, ප්‍රදේශයේ දේශපාලකයාගෙන් ප්‍රශ්න කරන්නත් ඉල්ලා සිටියා... බලමු ඉදිරිය.. බුදු සරණයි.
janahitha Friday, 18 September 2020 11:51 AM
කවුද ඔය ගමේ ඉන්නේ..? ඔය ගහ කපලා ඉවත් කරලා වහලේ අලුත්වැඩියාව දවසින් කරන්න පුළුවන්.. ගමේ කවුරුවත් නැතිද කොන්ද තියෙන කෙනෙක්?
Champa Friday, 18 September 2020 04:36 PM
මෙහෙම ඉස්කෝල තියෙනවදවත් කියල අහලා නැති ආණ්ඩුව, එක අයෙකුට කෝටි 3 ක් වටින වාහන පර්මිට්, අලුත් මන්ත්‍රීවරු 79 කට දෙන්න යනවා. පරණ අයට ඊට පස්සේ. තව නිල නිවාස හොයනවා. ආණ්ඩුවට නම් තිතට සෞභාග්‍යය...
Jagath Ekanayake Friday, 18 September 2020 09:22 PM
මම ගියා මේ පාසලට සෙමිනා එකක් කරන්න. දරුවෝ විනාඩි 5න් 5ට එළියට යනවා. ඇඳුම්, අතපය හෝදනවා. හේතුව කුරුමිණියෝ ජරාකරනවා. දරුවන් ගොඩක් බයෙන් පන්ති කාමරයේ වැඩ කරන්නේ. දරුවන් වෙනුවෙන් ඉක්මන් නොවුණොත් මහා විනාශයක් ළඟයි.