(අංජුල මහික වීරරත්න)
මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් මෙලෙස පොහොර බෙදා හැරීම ආරම්භ කර තිබේ.
වී වගා කර සති දෙකක් ඇතුළත යුරියා පළමු පොහොර ප්‍රමාණය යෙදිය යුතු හෙයින් මේ වනවිට දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පොහොර බෙදා හැරීම අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව සැප්තැම්බර් මස 29 සිට ඔක්තෝබර් 10 දක්වා කාලයේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් දිස්ත්‍රික්ක 07කට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 11,283.86ක් බෙදා හැර තිබේ. එමෙන්ම ලංකා පොහොර සමාගම විසින් බෙදා හැර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,698කි.
මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678.43ක් බවත් එම බිම් ප්‍රමාණය මහ කන්නයේ වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට 100ක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
මෙවර මහ කන්නයේ ද පසුගිය යල කන්නයේ මෙන් කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙන බවත් හෙක්ටෙයාර් එකක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත පොහොර ප්‍රමාණය මෙවර ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ කන්නයේ කුඹුරු වගා කිරීම ඇතැම් දිස්ත්‍රික්කවල ආරම්භව පවතින අතර බොහෝ දිස්ත්‍රික්කවල වගාව ආරම්භ කෙරෙනුයේ ඔක්තෝබර් තුන්වන සතියේ සිටය.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ කන්නයට යූරියා බෙදීම අරඹයි