IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මහ කන්නයේ දී මහනුවර වී ප්‍රභේද 5ක් වගාකිරීම තහනම්

(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කය තුල මෙවර මහ කන්නයේදී වී  ප්‍රභේද  5ක් වගා නොකරන ලෙස මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්කයේ ගොවින්ගෙන් ඉල්ලා සිටියි.

මහනුවර දිස්ත්‍රික් කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා  එම්.ජී. එන් සඳමාලි මහත්මිය  සඳහන් කරන්නේ, මහනුවර දිස්ත්‍රික්කය තුල වෙළඳ ආයතනවල  පහසුවෙන් ලබා ගැනිමට ඇති බි.ජී.352,  බී.ජී. 366, බී.ජී. 358 ,  බී.ජී.300   සහ  බී.ජී. 310 යන වී ප්‍රභේදයන් මෙම මහ කන්නයේදී මොනම හේතුවක් නිසාවත් මහනුවර දිස්ත්‍රික්කය තුල වගා නොකරන ලෙස ගොවින්ගෙන් ඉල්ලා සිටින බවය.

මේ වන විට මහ කන්නයේ වගා කටයුතු සඳහා බිම් සකස් කිරීම ආරම්භ වී ඇති බවත්, ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාස මහනුවර දිස්ත්‍රික්කය තුළ දැඩි සීත කාලගුණයක්  සහිත කාලයක් වන බැවින් ඉහත සඳහන් කළ වී ප්‍රභේද වගා කළහොත් ඒවා සීතලට ඔරොත්තු නොදිම හේතුවෙන් අස්වැන්න විශාල වශයෙන් බොල්වීමට හේතු වන බව  නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සඳමාලි මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම හේතුව  නිසා මෙම වී වර්ග පහ මොනම හේතුවක් නිසාවත් වගා නොකරන ලෙසත්,  තමන් වගා කළ යුතු වී වර්ගය පිළිබඳව ප්‍රදේශයේ කෘෂි උපදේශක මහතා හෝ මහත්මිය හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම්.ජී.එන්.සඳමාලි මහත්මිය තවදුරටත් සඳහන් කළාය.



අදහස් (3)

මහ කන්නයේ දී මහනුවර වී ප්‍රභේද 5ක් වගාකිරීම තහනම්

රුවන් Monday, 12 October 2020 09:58 AM

වගා නොකළ යුතුයි කියන බීජ ප්‍රසිද්ධියේ කියලා වගාකළ යුතුයි කියන බීජවර්ග අහගන්න උපදේශකලා හොයාගෙන යන්න කියන්නේ අහවල් දේකටද කියලත් කිව්වා නම් හොඳයි නේද?

:       0       0

රාජකාරි Tuesday, 13 October 2020 02:33 AM

රාජකාරි නොපමාව සහ නිවැරදිව කරන නිලධාරීන් අගය කිරීම අප නොදියුණු සමාජයට නුහුරු වුවත් දියුණුව කරා යෑමට දිරිමත් කිරීම අවශ්‍යයි !!!

:       0       0

Bamunuarachchi Thursday, 15 October 2020 04:30 AM

මේ නියෝගවලට අවනත නොවී ගියවර වී රජයට නොවිකුණු ගොවීන්ට පොහොර සහනාධාරය දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 13 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 7715 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1230 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 634 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1126 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2521 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site