(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වතාවට 2020/21 මහ කන්නයේ ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30) වළහන්දූව යග්ගහවිල යායේදී සිදුකෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ හා වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමෙන් වී මිලදී ගැනිම සිදුකෙරිණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වී අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 13ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත. එහි සමාරම්භය සනිටුහන් කරමින් සෞභාග්‍යයේ දැක්ම ‘කෘෂි නවෝදය‘ වැඩසටහන යටතේ යග්ගහවිල යායේ ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම අද (30) වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ හා පොහොර නිෂ්පාදන සැපයුම් රසායනික පොහොර කෘමිනාශක භාවිතා නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පී ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකරණු ලැබීය. රජය මගින් සම්බා වී කිලෝවක් රුපියල් 52කට මුදලකට හා නාඩු වී කිලෝවක් රුපියල් 50ක මුදලකට මිලදී ගනු ලැබේ.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ එක් කන්නයකදී කුඹුරු අක්කර 33.500ක් වූ වැඩිම කුඹුරු අක්කර ප්‍රමාණයක් වගා කරනු ලැබූවේ මෙවර මහ කන්නයෙදී බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස්. ප්‍රියන්ජන් මහතා පැවසීය. පළමු වතාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා වී අලෙවි මණ්ඩලය මගින් ගොවීන්ගේ වී අස්වැන්න මිලදී ගැනීම සිදුකරනු ලබන බවද ඒ මහතා සඳහන් කළේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ කන්නයේ වී අස්වැන්න මිලට ගනියි
Bamunuarachchi Sunday, 31 January 2021 04:18 AM
රජයට වී නොදුන්නොත් පොහොර සහන දෙන්න එපා....
fairoos Sunday, 31 January 2021 07:27 AM
ගැසට් ගැහුවේ නැද්ද?