IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


මහ ඡන්දයට වෙනත් දිනයක්?

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ විශාල ගැටලුවක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ  ඔක්තෝබර් මස 04 වැනිදා  සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදීය.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී  ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති.

ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බව කියති.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා  දෙති.

එමගින් ජනතා පරමාධිපත්‍ය  උල්ලංඝනය වන බවද එම විශාරදයෝ වැඩිදුරටත් සඳහන් කරති.

මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව  පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය  බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව නව දිනය සඳහන් කරමින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇත.



අදහස් (26)

මහ ඡන්දයට වෙනත් දිනයක්?

යෝගා Saturday, 26 October 2024 11:12 AM

14 වැනිදා දිනය තීරණය කලේ කාගේ වුවමනාවටද? 15 පෝය, 16 සෙනසුරාදා තමයි සුදුසුම දිනය. ආර්ථිකය දුර්වල රටකට වැඩ කරන සතියේ දිනයක් ඡන්දයක් වෙනුවෙන් නැති කරගන්න එක මෝඩ වැඩක්.

:       9       149

RangeSaturday, 26 October 2024 02:26 PM

ජේවීපී ඉල් මහ විරු සමරුව තියෙන්නේ නොවැම්බර් 13. ඒකට පස්සෙන්දා ඡන්ද විමසීම තිබ්බාම තව ඡන්ද ටිකක් විතර වැඩිවෙයි. කියලා හිතන්න ඇති...!

:       43       117

Udukumbura Saturday, 26 October 2024 11:13 AM

ලොක්කන්ට ගැලපෙන ආකාරයට නැකැත් පත හදාගෙන හිටියා.. දැන් මොකද වෙන්නේ කියලා බලාගෙන සිටිමු. කොහොම වුණත් ලංකාවේ මිනිස්සු හැමදාම රැල්ල පාගන්න කැමතිනේ...

:       24       86

Jayasekara Saturday, 26 October 2024 11:46 AM

ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙන්නේ මේවා නිසා නෙවෙයි. ජනතා පරමාධිපත්‍යෙයන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඊට පස්සේ ගෙම්බන් වගේ පක්ෂේ මාරුකරනකොට.

:       89       89

Nelu Saturday, 26 October 2024 12:04 PM

15 පෝය දවසේ නම් එපෝ... අපේ ගම්පළාත් වල පන්සල් දෙක තුනක කඨින පිංකම් 14/15 දෙකේ. සෙනසුරාදා අල්ලලා තියන්න ඉරිදාත් නිවාඩු දිනයක් නිසා ඇඳිරි නීතිය දැම්මත්..!

:       5       82

SurangodaSaturday, 26 October 2024 03:57 PM

කඨින පිංකම වගේද අවුරුදු 76ක් ජනතාව පීඩාවට පත්කළ ආණ්ඩුව එලවා දමා යාන්තම් බලය ගත්තු වෙලාවේ අලුත්ම ආණ්ඩුව තුනෙන් දෙකක් අරගෙන බලවත් ආණ්ඩුවක් හදන්න තියෙන හොඳම දවසක් ආයේමත් නොලැබුණොත් මොකද කරන්නේ... ඒකනේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒ නිසා කෑනොගහ ඉන්න නෙලූ...!

:       65       13

Nelu Saturday, 26 October 2024 05:47 PM

වැරැදි වැඩ කරපු අයව එළවලා එන්න හදන අයත් රටේ ජනතාව අපහසුවට පත්වන දේ දැනදැනම කරනවා නම් ඒක හරිද? රටේ පිළිගන්න සංස්කෘතියක් තියෙනකොට මොකක් හරි ආගමක විශේෂ අවස්ථාවක් තිබෙන වෙලාවේ ඒක දැන හෝ නොදැන හෝ අනර්ථයට වැටෙන ලෙස වැඩ කරන රජයක් ගැන කිසිම ආගමකට විශ්වාස තියන්න පුළුවන්ද? අමතක කරන්න එපා අපේ රටේ බොහෝ දෙනෙක් කුමක් හෝ ආගමක් සමග සම්බන්ධ අය බවත් එය රටේ සමාජයේ බැඳීම් සඳහා අත්‍යවශ්‍ය බවත්. ආගම් ප්‍රශ්න හෝ ව්‍යවස්ථාවේ සඳහන් දින ප්‍රශ්න ගැන හෝ නොදැන කරපු දෙයක් නම් ගොන්කමේ කෙළවරක් නැති බව තමයි කියන්න තියෙන්නේ. එහෙම අයට ඡන්දය දීලා අරුන් කාලා ගිහින් ඉතුරු වුණු ටිකත් නැතුව යාවිද දන්නේ නෑ. අලුත් මැතිවරණ කොමිසමත් එක එකා කාට හරි කන්න දෙන එක පස්සේ එලවනවා මිසක් ඔය දවස් ගානේ වැරැද්ද දැක්කේ නැද්ද?

:       3       56

JanahithaSaturday, 26 October 2024 06:37 PM

බුදු දහමට නිගාකරන හැටි? කතෝලික, මුස්ලිම් ජනතාවට දූෂිත පාලන රටවටා... සියලු දේට වඩා තම දහම උතුම් ... !

:       2       0

කුමාර Saturday, 26 October 2024 12:29 PM

මෙච්චර වැදගත් වැඩකදී මේ වගේ සරල ගාණක්වත් හදාගන්න බැරි අයද ඔය කොමිසමේ ඉන්නේ? අනේමන්දා...

:       40       34

තිලින Saturday, 26 October 2024 12:40 PM

වේදිකාවල දුන්නු පොරොන්දු ඉටු කරන්න බැරි බව දන්නා නිසා ජනපතිවරණ ජයෙන් පස්සේ හැකි ඉක්මණින් ඡන්දය තියන්න කඩිමුඩියේ වැඩ කරන්න ගියාම වෙන දේවල්...!

:       22       78

JanahithaSaturday, 26 October 2024 06:39 PM

මෙන්න තවත් කෙනෙක්... පොහොට්ටු සන්ධානයෙන්ද? එහෙමත් නැතිනම් සජබයෙන්ද?

:       18       2

එරන්ද Saturday, 26 October 2024 12:43 PM

14 තමා හොඳම දවස, වෙනස් කරන්න එපා...!

:       56       19

හිරාන් Saturday, 26 October 2024 12:44 PM

අයි එම් එෆ් එක කියන්නෙු ණය දෙන ආයතනයක්. මේ ආන්ඩුවේ කට්ටිය දුන්නු ඡන්ද පොරොන්දු ඉටු කරන්න ගියොත් ණය ගන්න බැරිවෙන නිසා තැටිය රත් වුණු වෙලේ රොටිය පුච්චා ගන්න හදිසියට ගිහින් අලුතෙන් තව වියදම්...!

:       9       46

සන්ජීව Saturday, 26 October 2024 12:46 PM

යාන්තම් රනිල් ජනපතිවරණය නියම දිනේට පැවැත්තුවා. මෙයාලාට ඒකවත් හරියට කරන්න බැහැ...

:       22       69

නලින් Saturday, 26 October 2024 12:54 PM

පුළුවන්නම් ඔය ඡන්දය කලින් තියලා දෙන්න. මේ යන විදිහට ගියොත් උගන්ඩාවේ සල්ලි ගේන්න අපිටත් යන්න වෙනවා. බොරු පොරොන්දු ටික එළිවෙද්දී.

:       23       80

සාලිය​ Saturday, 26 October 2024 12:56 PM

මහා බුද්ධිමතුන්.. දැන් දවස් 35 ගනින්නත් තේරෙන්නේ නැහැ. මොන්ටිසෝරි ළමයින්ට පුළුවන් දේත් බැරිය​...

:       14       58

Nandalal DE SILVA - France Saturday, 26 October 2024 02:30 PM

බලය ලැබුණු ගමන්ම, මහ ඡන්දයක් තියාගන්න ගිහින් ඒකත් අනාගත්තා. ගණන් බැරි අය කොහොමද අයි.එම්.එෆ් එක සමග ඩීල් දාන්නේ...? කියලා අනිකුත් දේශපාලන පක්ෂ නායකයෝ හුරේ දමනවා.

:       13       60

ගමේ එකාලා Saturday, 26 October 2024 02:49 PM

ඡන්දේ පවත්වන දිනය විතරක් හරියට තිබුනොත් ඇත්ද? අනික් දේවල් යකාට ගියත් කමක් නැහැ...!

:       46       13

සමන් Saturday, 26 October 2024 03:01 PM

ජාතික ජන බලවේගයට මෙම දිනය අසුබ බව ජාතික ජන බලවේගයට කඩේ යන ජ්‍යොතීර්වේදියෙක් කියනවා. රවි ග්‍රහයා නීචවෙලා තියෙන නොවැම්බර් මැද දක්වා හොඳ නැති බවත්, ශනි සහ ගුරු වක්‍රවෙලා තියෙන නිසා මේ කාලය තව දින කීපයක් පසුකරන ලෙස උපදෙස් දීලා තියෙනවා. මේ කතාව ජ්‍යෙතිෂ්‍යට අනුව සත්‍යයක්. රවී නීචවෙලා තියන කාලෙට ඕනෑම නායකයෙක් පච වෙනවා. ඒක වෙලා තියෙන බවත් පේන්නම තියෙන නිසා තමයි ඔය දිනය වෙනස් කරන්න යන්නේ...! 

:       32       24

සුරගුරු Saturday, 26 October 2024 05:20 PM

16 දින සෙනසුරු නිවෘත වෙන අතර රවිගේ නීචය පසුදා ඉවත් වෙනවා. එය බලාගෙන ඡන්දය කල්දැමීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. කලබල වුණාම කොරොස් කටෙත් අත දාන්න බැහැ කියන්නේ ඕකට තමයි..

:       18       3

පුරවැසියා Saturday, 26 October 2024 03:12 PM

පාඨක අදහස් වලින් පේන්නේ ජනාධිපතිවරණයෙන් පසුත් දේශපාලන අඳබාලයන් සිටින බවයි...!

:       65       23

Akila Saturday, 26 October 2024 03:29 PM

මැතිවරණය පවත්වන දිනය ප්‍රධාන පක්ෂ කිසිම එකකට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. අපේ රටේ ඉන්නවා නිකන් කැසිල්ලට හැම එකකටම පෙත්සම් ගහන එවුන් ටිකක්, උන්ට තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

:       63       18

පිටරැටියා Saturday, 26 October 2024 04:04 PM

ජනාධිපතිවරණය පැවැත්වෙන එකටත් නොයෙකුත් උප්පරවැට්ටි දැම්මා. මහ මැතිවරණයටත් දිනය අල්ලාගෙන දඟලනවා. බලාගෙන ගියාම අපේ රටේත් ඉන්නේ පුදුම ජාතියක්...!

:       37       16

Deshapriya Saturday, 26 October 2024 04:15 PM

මැතිවරණයේ දිනය වෙනස්වීම ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් සිදූ නොකරනු ඇත. දිනය වෙනස්කිරීම ව්‍යවස්ථාවේ ඇති වගන්ති මත කිසිවෙකු විසින් අභියෝගයට ලක් කිරීමක් පමණි. කොහොමත් ලංකාවේ ව්‍යවස්ථාව රටේ ප්‍රගමනයට වඩා බලයේ හිටපු අයගේ බලය වැඩි කිරීමට සංශෝධන කරපු එක ලියවිල්ලකි. රටේ නීති හදන්න ගිය කිව්වට තවම සුද්දාගේ කාලේ නීති ක්‍රියාත්මකයි. ඡන්ද දිනයෙන් මානව හිමිකම් කඩවීමක් සිදු වී තිබේද?

:       2       0

Deepthi Saturday, 26 October 2024 04:57 PM

1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුවට ඡන්දය පැවැත්විය යුත්තේ නාම යෝජනා බාරදීමේ අවසාන දවසේ සිට තුන්වන සහ අටවන සති අතරයි. ඒ නිසා නොවැම්බර් 14 දිනයේ අවුලක් මට නම් පෙන්නේ නැහැ.

:       21       4

සමිත් Saturday, 26 October 2024 08:11 PM

ඡන්දේ තියෙන දවස වෙනස් කරත් ප්‍රතිඵලයේ වෙනසක් නැහැ කියලා තේරුම් ගන්න ඕනෑ...

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්
2024 ඔක්තෝබර් මස 26 6656 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බලය හිමිකරගෙන ඇතැයි මැතිවරණ ලේකම් කාර්


හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා
2024 ඔක්තෝබර් මස 26 1465 0

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හ


කොළඹ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි අරඹයි
2024 ඔක්තෝබර් මස 26 876 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්‍රී ලංකා දුම්


සී.බීට ආ විරෝධය
2024 ඔක්තෝබර් මස 26 2026 1

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂි


සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
2024 ඔක්තෝබර් මස 26 4850 12

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝග


ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
2024 ඔක්තෝබර් මස 26 1273 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 582 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site