IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මහ පාරේ උද්ඝෝෂණවලින් ’’සිස්ටම් චේන්ජ්’’ කරන්න බැහැ

 

(සුජිත් හේවාජුලිගේ)

මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘති වලින්  සිස්ටම් චේන්ජ් (ක්‍රමයේ වෙනසක් ඇති කිරීම) කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රතිපල නොමැති බොරු " සිස්ටම් චේන්ජ් " ( ක්‍රමයේ  වෙනසක්) වලින් ඵලක් නැතැයි  පැවැසූ අමාත්‍යවරයා සිස්ටම් චේන්ජ්  කළ හැක්කේ තරුණ පරම්පරාව දේශපාලනික ,ආර්ථික හා සමාජයීය වශයෙන් සන්නද්ධ කිරීමෙන් පමණක් බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මහපොළ  වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මහත්ම මහත්මීන් 35 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතිකපත්  පිරිනැමීමේ උත්සවයේදීය

මෙම උත්සවය එහි  ලලිත් ඇතුලත්මුදලි ශ්‍රවණාගාරයේදි  ඊයේ (24) පැවැත්විණ.

අර්ථයක් නැති සිස්ටම් චේන්ජ්වලට යොමු වනවාට වඩා යථාර්ථය දකින සැබෑ සිස්ටම් චේන්ජ්  එකක් වෙනුවෙන් පෙනී සිටින ලෙස  ඩිප්ලෝමාධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

වරාය අධිකාරියේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික සිස්ටම් එක තමා අමාත්‍යවරයා ලෙස පත් වූ පසු  චේන්ජ්  කළ බවත් වරායේ තනතුරු වලට  තමා කිසිවිටකත්    ඥාතීන් හෝ  දේශපාලන හිතවතුන් පත් නොකළ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

තමා වරාය අධිකාරියට පත් කළේ ඒ ඒ ‍ක්‍ෂේත්‍රවල වෘත්තීය නිපුණයින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමනාකාර අධ්‍යක‍ෂ උපුල් ජයතිස්ස, මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ ප්‍රධාන පුහුණු කළමනාකරු එස්.එච්.පත්මිණි කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිදු ඩි. වික්‍රමසිංහ  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (27)

මහ පාරේ උද්ඝෝෂණවලින් ’’සිස්ටම් චේන්ජ්’’ කරන්න බැහැ

de silva Thursday, 25 August 2022 03:07 PM

සිස්ටම් චේන්ජ් කරන්න කලින් මුලින්ම කොමිස් පගා ගහන පරණ නාකි සෙට් එක ගෙදර යවන්න ඕන

:       3       68

Prase Thursday, 25 August 2022 04:47 PM

මෝඩ කතා කියන්න එපා.. අද ලෝකයේ බලවත්ම රට පාලනය කරන්නේ අවුරුදු 79ක් වයස කෙනෙක්. අන්තරේට දුන්නොත් නම් ගංජාත් වවයි.

:       0       0

janahitha Thursday, 25 August 2022 03:09 PM

එහෙනම් කොහොමද කරන්නේ හොරුන් ඉතා බලවත් ඔබතුමත් උන් එක්කමනේ හිටියේ

:       3       57

C.U. Thursday, 25 August 2022 03:20 PM

ඔබලා මේ රටේ වසර කීයක් නම් පාලනය කලාද? යුද්දේ දේලෙටත් වඩා රට අමාරු තැනට ගිහින්. ජීවත් වෙන්න හරිම අමාරුයි. ඒ නිසා මේ රට හොරකම් නොකරන (රජයේ මුදල් අවභාවිතා නොකරන) රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව දිසා ගත කරමින් කටයුතු කරන දේශීය නිෂ්පාදන දිරිගන්වන ආයාත ආදේශන කර්මාන්ත දිරිගන්වමින් රටට විදේශ සම්පත් ඉතුරුකරන අපනයන ප්‍රවර්ධනය කර විදේශ සම්පත් වර්ධනය කරන වාගේම අරපිරිමැස්මෙන් විදේශ මුදල් පරිහරණය කරන, නීතිය සැමට සාදාරණව ක්‍රියාත්මක වන එමෙන්ම රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගතහැකි අගය එකතුකල නිෂ්පාදන ප්‍රවර්ධනය ආයෝජන දිරිගන්වමින් රටට විදේශ සම්පත් ලැබෙන වෙනසකට මේ රට ගෙන යන්න නැතිනම් ඔබලාට අනාගත පරපුර සාප කරාවි.

:       0       2

Hafeel Thursday, 25 August 2022 03:21 PM

කොන්ත්‍රාත්තුකරුවන්ගෙන් පගාව ඉල්ලලත් “සිස්ටම් චේන්ජ්’’ කරන්නත් බැහැ. තරුණයන් දේශපාලනයට එන්න නම්, මෙයා වගේ නාකි සෙට් එක විශ්‍රාම යන්න ඕන

:       0       11

wedage Thursday, 25 August 2022 03:23 PM

කෝටි දෙක තුනක් ජපන් කම්පැනියකින් ඉල්ලන්න පුලුවන්ද?

:       2       64

Sandaruwan perera Thursday, 25 August 2022 03:35 PM

ඉන්න ඊළඟ ඡන්දේ එනකං..

:       0       0

kalap Thursday, 25 August 2022 03:46 PM

මේ වගේ වයසක උදවිය ඉන්නකන් මොන සිස්ටම් චේන්ජ් එකක්ද? රටේ කරුමෙට උපන් අය...

:       0       0

kamal Thursday, 25 August 2022 03:54 PM

අපිට තේරෙනවා ආයුබොවන්... අපිට තියෙන්නේ අරගලේ අය පීසාකෑවා... පිටරටින් සල්ලි ගෙන්නවාගෙන විනෝද වුණා කියලා ඔවුන්ව කන්ඩෙම් කරලා කෝටි ප්‍රකෝටි ගණන් රට විකුණා ගසා කාපු ඔබලාව අගේ කරමින් වන්දනා කරන එකයි. එහෙම නේද ආයුබෝවන්...?

:       0       0

podi hamine Thursday, 25 August 2022 04:32 PM

ගෝඨාභය රටින් පැනලා යනකොට අලුතින් ජනාධිපති, අගමැති පත්වුණේ අරගලයෙන් නෙවෙයිද? හැබැයි ඒක හරියට වුණේ නැති නිසා නේද ඔය වගේ වචාල දොඩවන්නේ..?

:       0       0

Dasa P Thursday, 25 August 2022 05:07 PM

බෝම්බයක්ම දාන්න වෙනවා.

:       0       0

මෝ Thursday, 25 August 2022 05:08 PM

එහෙම සිස්ටම් චේන්ජ් කරපු රටවල් ලෝකයේ ගොඩාක් තියෙනවා. රුසියාව හොඳම උදාහරණය. පගා ඉල්ලන්න විතරයි දන්නේ. ගිහින් පුස්තකාලයෙන් පොතක්පතක් බලලා යමක් ඉගෙන ගන්න...

:       0       0

kule Thursday, 25 August 2022 05:12 PM

සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් 226 ගෙදර ඇරියොත්.

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Thursday, 25 August 2022 05:14 PM

අනේ නිමල්, ඔයත් දේශපාලන කුණු බක්කියට වැටිලා හමාරයි...

:       0       0

sharm warn Thursday, 25 August 2022 05:16 PM

ඔව්.. ඔව්.. පාර්ලිමේන්තුවෙයි, අනිත් සභාවල රැස්වීම්වලයි කට ඇරගෙන නිදාගෙන තමයි සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන්තතත ඔහේගෙ අවුරුදු ගාණක දේශපාලන ජීවිතේ කරපු එක චේන්ජ් එකක් තියෙනවද?

:       0       0

නිහාල් Thursday, 25 August 2022 05:39 PM

ඔහේලා පාර්ලිමේන්තුවේම නාකි වුණත් කරන්න බැරි වුණානේ..!

:       0       0

wahaldeepe Thursday, 25 August 2022 06:00 PM

හ්ම්... ඒකතමයි පහුගිය කාලේ ඇඳ යට රිංගගෙන හිටියේ..!

:       0       0

kahawita Thursday, 25 August 2022 06:01 PM

අරගල කරලා හරියන්නේ නෑ... මම වගේ කාගෙන් හරි කමක් නෑ කීයක් හරි කඩාගෙන බඩ පැලෙනකන් කැන්ටින් එකෙන් කාලා අහුවෙන පුටුවක හොඳට නිදාගන්න ඕනෑ.

:       0       0

බයියා Thursday, 25 August 2022 06:35 PM

මහපාරේ විතරක් කරලා මදි හින්දා තමයි ජනතාව මන්දිර වලටම ගිහිල්ලා එලවල දැම්මේ...!

:       0       0

Madhura Ariyaratne Thursday, 25 August 2022 07:08 PM

අප රටේ අවාසනාවට ඔබලා වගේ අය දේශපාලනයෙන් විශ්‍රාම ගන්නෙ නැහැ

:       0       16

ගමේ එකාලා Thursday, 25 August 2022 08:27 PM

දේසපාලනෙන් බඩවඩා ගත්තු වයසක උදවියට ,බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ.. කොහොමටත් එයාලා සිස්ටම් එක වෙනස්. කරනවට කැමති අය නෙවෙයි .

:       0       17

Desha Kande Thursday, 25 August 2022 09:30 PM

If old MPs like you retire

:       0       16

Kumara Thursday, 25 August 2022 10:22 PM

හොරකම් කරලාම තමයි කන්න පුළුවන්...

:       0       0

sg Thursday, 25 August 2022 11:17 PM

ඔහු සිස්ටම් චේන්ජ් එකකට සුදුසු පුද්ගලයෙක්... මොකක්ද මේ විහිළුව..?

:       0       0

Manjula Friday, 26 August 2022 06:45 AM

අපිත් ඉන්නේ. එහෙම කරන්න බලාගෙන තමයි. රට කනවා. මෙයා හැමදාම ඇමැති. අපිට හැමදාම නොමැති.

:       0       0

චන්දන Friday, 26 August 2022 06:57 AM

මේ වගේ දේශපාලකයින් දේශපාලනයෙන් ඉවත් කර දැමිය යුතුයි. සුනාමි ආධාර ලෙස ලැබුණු ගාල්ලේ මාතෘ ⁣රෝහල තවමත් විවෘත කරන්න බැරි වුනේ මෙයා නිසා...

:       0       0

Bempi Friday, 26 August 2022 10:22 AM

ඔව්. මේ වගේ අල්ලස් අරගෙන තමයි වැඩ කරන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 363 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2202 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 866 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 459 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3268 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2409 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site