(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදුරුගේ හා කොන්දොස්තර වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
එසේම මෙම තහනම බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනය කරන කිසිදු බස් රථයක සේවය කිරීමට නොහැකි වන සේ නියෝග ලබා දී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
මෙම සිද්ධිය ඉකුත් 04 දා සවස සිදුව තිබූ අතර හෝමාගම පිටකොටුව (138) හා පිටකොටුව ඉංගිරිය (125) පෞද්ගලික බස් රථ දෙකක් පිටකොටුවේ සිට හයිලේවල් මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබියදී ඉංගිරිය බස් රථය සෑම බස් නැවතුම්පළකම නවතා මගීන් නංවා ගැනීමට උරන වූ හෝමාගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා හෝමාගම ප්‍රදේශයේදී මඟ හරස් කොට බස් රථය නවතා ඉංගිරිය බස් රථයේ රියදුරට, කොන්දොස්තරවරයාට හා බස් රථයට යකඩ පොල්ලකින් පහරදී තර්ජනය කර තිබේ.
පසුව මේ සම්බන්ධයෙන් ඉංගිරිය බස් රථයේ සේවකයින් කළ පැමිණිල්ලකට අනුව හෝමාගම බස් රථයේ රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිට වූ බවත් සිද්ධිය වූ දා සිට මේ දක්වා බස් රථයේ ගමන් වාර ලබා නොදීමට පියවර ගත් බවත් සභාපති ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මහ පාරේ බස් ජල්ලි ඇල්ලු කොන්දොස්තර-රියදුරුගේ වැඩ තහනම්
KUSUM Friday, 07 February 2025 10:18 AM
හොඳින් කළා! බොහෝ කාලයක් බලා සිටි හොඳ විනිශ්චයක්..
NishanthaFriday, 07 February 2025 12:44 PM
වැඩක් නැහැ කුසුම් ඔවුන් දෙන්නා ඊළඟට ආසන්නව තියෙන සබරගමුවට ඒවි. මේවා කරන්න ඕන පළාත් කොමිසමේ නිර්දේශ මත ජාතික ගමනාගමන කොමිසමෙන් පමණයිනේ... නැත්නම් දඬුවමෙන් වැඩක් නැහැ...
ලක්විදු Friday, 07 February 2025 10:28 AM
මොවුන්ගේ ඡායාරෑපද ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධ කල යුතුය.
ජිල්බු Friday, 07 February 2025 01:29 PM
අනිවාර්යයෙන්ම! එතකොට ඡායාරූප පර්ස්වල දාගෙන ඉඳලා, ඩ්‍රයිවර් ඒ වගේ නම් නගින්නෙම නෑ. සල්ලි දීලා ගෙනියනව කිව්වත් ගොඩවෙන් නෑ.
ලක්විදුFriday, 07 February 2025 02:28 PM
අනේ ජිල්බුවෝ මොලේක තරම. වැරැදිකරුවන් සමාජයේ ප්‍රසිද්ධ කළාම අඩුම ගණනේ වරදක් කිරීමට පෙර දෙවරක් හිනතවා... ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්වත් ඔවුන්ගේ ආත්ම ගරුත්වය රැකගැනීමට බල කරනවා...
ජිල්බු Friday, 07 February 2025 03:40 PM
අනේ මට තේරුණේ දැන් තමයි// එහෙනං පොටෝ කෑලි තියාගන්න ඕන්නෑනෙ. ඒක එක අතකට හොඳයි. නැත්තං බවලත් උදවිය ළඟ වෙන මිනිස්සුන්ගේ පොටෝ තිබිලා ගෙදර මනුස්සයට අහු වුණොත් පවුල් අවුල් වෙනවා.
ජිල්බු Friday, 07 February 2025 11:10 AM
චැහ්, අපේ ආණ්ඩුවක් තිබුණනං ගොඩින් බේරගෙන, තගදාං යන්න තිබ්බ, කොහෙද ඉතිං ..!..
Hashan sanjula nicholas Friday, 07 February 2025 01:19 PM
සිරිඅම්මේ සාරා...!