(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සම්පුර්ණ වසර හයක ධුර කාලය සේවය කිරීමට කැමති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කෙරුණි.
කබ්රාල් මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීම ලැබුවේය.ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පුර්ණ වසර හයක ධුර කාලයක් සඳහා නැවත පත් කරන බවට තවමත් ස්ථිර කර නොමැති බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.
"මම මහබැංකු අධිපති ධුරය භාර ගනිද්දී බලාපොරොත්තු වුණේ නැහැ මාස දෙකක් වැඩකරලා අයින් වෙලා යන්න.එහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තා නම් මම තනතුර භාරගන්නේ නැහැ.මෙම ආර්ථික අර්බුදය මාස දෙකක් ඇතුළත විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ.මේ ආර්ථික අර්බුදය යහපත් අතට හැරෙන්න කලින් නරක අතට හැරේවි.මම දිගටම වැඩකටයුතු කරගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ"ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ධුරයෙන් ඉවත් නොකරන ලෙස මහබැංකු හිටපු කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද ඉදිරිපත් කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.ශ්‍රී ලංකාවට මෙම වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක මුදලක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
"ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මීට පෙර ලබා ගත්තානම් සහ වසරකට පෙර බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා නම් ශ්‍රී ලංකාවට පීඩාකාරී තත්ත්වයකට මුහුණ නොදී ආර්ථික අර්බුදය කළමණාකරණය කර ගැනීමට හැකියාව තිබුණා"යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මහ බැංකු අධිපති ලෙස වසර 6ක් සේවය කිරීමට ලෑස්තියි‘
MO77 Friday, 17 June 2022 05:18 PM
නන්දලාල් කියන්නෙත් හිටපු මහ බැංකු නිලධාරියෙක්. මෙම හිටපු මහබැංකු නිලධාරීන්ගේ අක්‍රමිකතා ඉතාමත් විශාලයි, අධිකයි. මේ නිසා තමයි පිටතින් දක්ෂ, අවංක නිලධාරියෙක් පත් වෙනවාට, මහ බැංකුව හිටපු නිලධාරීන් කැමැති නැත්තේ... මොකද ඔවුන්ගේ වංචා, දූෂණ ඔක්කොම හෙළිදරව් වෙන්න ඉඩ තියෙනවා. නන්දලාල්ටත් බැඳුම්කර වංචාව වළක්වා නොගැනීම සහ ඊ.පී.එෆ් EPF අරමුදල් අයථා ලෙස කොටස් වෙළෙඳ පලේ ආයෝජනය කිරීම යන චෝදනා තියෙනවා...
චන්දිම Friday, 17 June 2022 06:47 PM
බැඳුම්කර වංචාව කලේ මෙතුමා නෙමෙයි. අර පිටින් ගෙනාපු සිංගප්පුරු හොරුන් ඇතුළු පිරිස. මෙතුමා ඇතුළු අවංක නිලධාරීන්ව එදා හිටපු යහපාලන කට්ටියට පල නොකියා පලා බෙදලා යන්න සලැස්වූවා...
RohanaFriday, 17 June 2022 06:50 PM
නන්දලාල් ඒකාලේ අධිපති නොවේ. ඇරත් අරමුදල් අංශය ඔහු භාරයේ තිබුනේ නැත. පිටින් පත්කරපු අධිපතිවරු පමණයි සාමාන්‍ය ක්‍රමවේදවලට පිටින් ගිහින්. ආණඩුව සතුටුකරන ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ. පිටින් අධිපතිවරු පත්කිරීම නිසා රට මේසා විශාල ආර්ථික අර්බුදයකට මුහුණදී සිටිනවා.
darme Friday, 17 June 2022 05:30 PM
මම හිතන්නේ නැහැ සර් ඔයාව එළවාගන්න තරම් ගොන්කමක් පාලකයින් කරාවි කියලා. දැනට මේ රටේ ජනප්‍රියම පුද්ගලයා ඔබයි. මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි.
ranga Friday, 17 June 2022 05:35 PM
එතකොට මෙයා පත්වීම අරන් තියෙන්නේ වැඩ කරන්න තියෙන්නේ මාස තුනයි කියලා නොදැනද? මහබැංකුව ගැන දන්නා ඕනෑම කෙනෙක් දන්නවා මහා බැංකු අධිපති පත්වෙන විදිහ, ධුර කාලය ගැන... බොරු කයිවාරු විතරයි වගේ පේන්නේ...
චන්දන Friday, 17 June 2022 06:09 PM
මෙවැනි දක්ෂ නිලධාරින්ගෙන් ප්‍රයෝජන ගන්න පාලකයින් තවමත් ඉගෙන ගෙන නෑ වගේ. අපේ දක්ෂ නිලධාරීන් වෙනත් රටවලට සේවා සපයලා ඒ රටවල් ඉදිරියට ගෙනයනවා...
swene Friday, 17 June 2022 07:54 PM
රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා දේශපාලකයින්ට වඩා ඔබතුමා කෙරෙහි ජනතාව බලාපොරොත්තු තබා ඇත. අපට අවශ්‍ය වන්නේ දේශපාලකයින් විසින් කරනු ලබන බාධා කිරීම් වළකා දැමීමයි.
mohan Friday, 17 June 2022 08:04 PM
නන්දලාල්ගේ කැප් දාලා විනිමය අනුපාත පාලනය කරන හින්දා ලංකාවට ඩොලර් හම්බ වෙන්නේ නෑ. මෙයා කැමති නෑ අපනයන කරුවන්ට විදේශීය ශ්‍රමිකයින්ට දිරි දීමනාවක් දීලා ඩොලර් ගෙන්න ගන්න. ඒක නිසා තමයි මේ තෙල් හිඟය, ගෑස් හිඟය ඖෂධ හිඟය බලපාලා තියෙන්නේ. දිරි දීමනාවක් දුන්නා නම් ලංකාවට අත්‍යාවශ්‍ය ඩොලර් බිලියන දෙකක් විතර තව ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔහුගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා ලංකාව අමාරු තත්ත්වයකට වැටිලා තියෙනවා. තවත් අමාරු තත්ත්වයකට පත්වෙමින් තියෙනවා...
Lalith M Friday, 17 June 2022 09:47 PM
විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් වලට වැඩිමිලක් ගෙවන්නේ ඇයි? ඔවුහු රටේ බදුගෙවන්නන්ගේ මුදලින් නිදහස් අධ්‍යාපනය ලද්දෝ නොවේද? තම රටට තම සේවය ලබාදීම යුතුකමක්... රටට මුදල් එවන්න අකමැති අය පිටවී යාම වඩා හොඳයි. අපිත් විදේශ සේවයට ගොස් ආපසු ආ ශ්‍රමිකයින්...
පුරවැසියා.... Friday, 17 June 2022 08:08 PM
දක්ෂතාවයක් සහ හැකියාවක් ඇති වත්මන් මහ බැංකු අධිපතිවරයාට වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට අවස්ථාව සලසා දිය යුතුය. මෙරට රාජ්‍ය සේවයේ වැඩි පිරිසක් දූෂකයින් සහ වංචා කරුවන් වන නමුත් නන්දලාල් මහතා අවංක නිලධාරියෙකු බව බහුතරයේ පිළිගැනීමය.
රංගෙ Friday, 17 June 2022 09:09 PM
සර් වගේ දක්ෂ නිළධාරීන් රටට අවශ්‍යයි....ඔස්ට්‍රේලියාවෙ විශාල පඩියක් ලබාගෙන ඒවත් අත ඇරලා ආවෙ ඔබතුමා රටට තියෙන ආදරේට....
Sunil Saturday, 18 June 2022 09:33 AM
හොරා කාපු ධනය ගැන හරි බදු නොගෙවපු හොරුන් ගැන හරි... වචනයක් කියලා තියෙනවා කවුරු හරි දැක්කාද?
මම දැන් මෙතන Saturday, 18 June 2022 10:35 AM
ජාවාරම්කාර අසූචි වලේ එක් පණුවෙක් පමණයිනේ..! අවු. 6ක් නොවේ 60 ක් වුණත් ඉඳිවි...