IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහ වැස්සෙන් මංමාවත් රැසක් යට වෙයි

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (2) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පහත්බිම් හා මාර්ග ජලයෙන් යට වී තිබිණි.

මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

ගංගා පෝෂණ කලාපයන්ට ද මහ වැසි ඇදහැලීම හේතුවෙන් ගංගා තුනක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) නිවේදනය කළේය.

කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව මෙම ගං වතුර අවදානම මතුව ඇත.

කළු ගඟේ ඇල්ලගාව ජල පෝෂක ප්‍රදේශයට අද (3) පෙරවරු 9.00ට අවසන් වූ පැව 24ක කාලයේදී මිලිමීටර 314.6ක වර්ෂාපතනයක් ලැබී තිබූ අතර අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයට මිලිමීටර 183.6ක් සහ කැලණි ගඟේ හංවැල්ල ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර 178.3ක් වශයෙන් වැසි ලැබී තිබිණි.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටව තිබූ අතර අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද ගං වතුර ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව අවදානයෙන් සිටිය යුතු බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මීට අමතරව කැලණි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් පූගොඩ ප්‍රදේශයේ ද පහත් බිම් ජලයෙන් යටව තිබිණි.

අතර සංචරණ සීමා පැවතියත් අත්‍යාවශ්‍ය සේවා රාජකාරී සඳහා යතුරුපැදිවල ගමන් ගන්නා පිරිස් වැසි හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්විය.

පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් මහ වැස්සේ තෙමීගෙන රාජකාරී සඳහා ගමන් කරනු දක්නට ලැබිණි.

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබූ අතර කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබේ.

මෙම ආපදා අවදානම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දිස්ත්‍රික් කළමනාකරණ ඒකක දැනුවත් කර ඇතැයි ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.

ඡයාරූප ශාන්ත රත්නායක

(ගම්පහ පහත් බිම් ජලයෙන් යටවී ඇති අයුරු තිලකරත්න දිසානායක)

(මාකඳුර වැව වැව පිටාර ගැලීමෙන් ප්‍රධාන මාර්ගය යටවී ඇති අයුර හේමලතා ඩී.හේවගේ)

(බුලත්සිංහල ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවී ඇති අයුරු ලක්ෂ්මින කුඩලිගම)

වේයන්ගොඩ අවට ප්‍රදේශ ජලයෙන් යටවතිබූ අයුරු (පුෂ්පකුමාර මල්ලවාරච්චි)

 

වාරණ ආනන්ද ඊ ජයකොඩි



අදහස් (4)

මහ වැස්සෙන් මංමාවත් රැසක් යට වෙයි

Demuni Uduwara Thursday, 03 June 2021 03:29 PM

‘‘දේවෝ වස්සතු කාලේන...‘‘?

:       0       2

Binkunndaa Thursday, 03 June 2021 07:27 PM

දේවෝ වස්සතු කාලේන... සබ්බ සම්පත්ති හෝතුච... පීතෝ භවතු ලෝකෝච ... රාජා භවතු ධම්මිකෝ...

:       0       0

kithsiri Thursday, 03 June 2021 10:41 PM

මේ නම් දේව ශාපයක් රටට ඵල දෙන්නේ... මහා අවාසනාවන්ත පාලකයින්ගෙන් දැන් අවුරුදු එකහමාරක ඉඳලාම රටටත්, ජනතාවටත් අපලයි....

:       0       0

sampath Friday, 04 June 2021 05:09 AM

අපිට පාරවල් ටික හද හද ඉන්න පුලුවන් අපිට තාම බැරි වුනානේ වැහි වතුර පාලනය කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 801 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1439 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 408 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 912 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 35 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2236 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site