IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මහ වැස්සෙන් බදුල්ලේ පුද්ගලයින් 239කට පීඩා

(ප්‍රසාද් රුක්මල්)

වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක සිදු වූ ගල්පර්වත පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම්, ජලගැලීම් ,අධික සුළං ආදි විවිධ ආපදා හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් පවුල් 67 ක සාමාජිකයන් 239ක් විපතට පත්ව නිවාස 17කට අලාභහානි සිදු වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(20)වන දා පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දින කීපයක් නොකඩවා වර්ෂාව පතිත වෙමින් තිබූ අතර ඉකුත් 17 වන දින සිට 20 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, මීගහකිවුල, කන්දකැටිය, බදුල්ල, ඌවපරනගම, පස්සර, මහියංගණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ  සිදු වූ විවිධ  ආපදා වලින් මොවුන් මෙසේ විපතට පත්ව ඇතැයි හෙතෙම කීය.

මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලගැලීම් හේතුවෙන් රත්කිද, බතලයාය, උල්හිටිය, රොටලවෙල, මිල්ලැත්තාව,තෙල්දෙනියාය ග්‍රාම සේවා වසම්වල පදිංචි පවුල් 23ක  සාමාජිකයන් 70ක් විපතට තෙල්දෙනියාය විදුහලේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථානයේ ඊයේ (19)වන දින තාවකාලිකව නතර කර තැබූ බවත් ඊට අමතරව විපතට පත්වූ පවුල් 25ක සාමාජිකයන් 77ක්  සිය නෑදෑ හිතවතුන්ගෙ නිවාස වල තාවකාලිකව නතර වී සිටින බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (0)

මහ වැස්සෙන් බදුල්ලේ පුද්ගලයින් 239කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 0 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 46 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 149 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 712 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2578 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 734 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site