IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මළසිරුරකින් 5000 වංචා කළ සරෆ්වරිය රිමාන්ඩ්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි )

මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩි පුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ මාතලේ මහන නගර සභාවේ සරෆ් වරිය ලෙස සේවය කළ නයනා ප්‍රියදර්ශනී නැමති කාන්තාවකි.

මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහා නගර සභා සීමාව තුළ පදිංචිකරුවකුගෙන් නම් රුපියල් 20000ක් අය කිරීමට හා මහ නගර සභා සීමාවෙන් පිටත මෘත දේහයක් සඳහා රුපියල් 25000ක මුදලක් අය කිරීමට මහ නගර සභාව තීරණය කර ඇති නමුත් මාතලේ මහ නගර සභා සීමාව තුළ මෘත දේහයක් ආදානය කිරීමට රුපියල් 25000 බැගින් බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කරමින් මෙසේ එක් මළසිරුරකින් රුපියල් 5000 බැගින් ලබාගෙන ඇතැයි අධිකරණයේදී කියැවිණි.

ඒ අනුව රුපියල් 5,50,000 ක මුදලක් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව 1982/අංක 12 පොදු දේපළ පනත යටතේ අදාළ කාන්තාව කාන්තාව සැකපිට අත්අඩංගුවට අධිරිකරණයට ඉදිරිපත් කර ඇත.

 



අදහස් (4)

මළසිරුරකින් 5000 වංචා කළ සරෆ්වරිය රිමාන්ඩ්

චන්ද්‍රිකා Friday, 19 January 2024 08:22 AM

සරප් තනතුර 2004 වර්ෂයේ අවසන් කලා එපමණක් නොවෙයි ලඝුලේඛක/ලේඛිකා ,යතුරු ලියන තනතුර (ටයිපිස්ට්) අවලංගු කලා. එනිසා එම තනතුර භාවිතා කරන්න බැහැ මුදල් අයකරන කෙනෙකුට කළමනාකරණ සහකාර (මුදල් හෝ අයකිරීම් / ගෙවීම් ) අයකැම් කියන්න පුළුවන්

:       0       7

Nimal Friday, 19 January 2024 09:47 AM

550,000 ඇයි අතට අහුවෙන ප්‍රමාණය .තව මෙයට වඩා කොපමණ මුදලක් වංචා කරන්න ඇද්ද .මල මිනී වලටත් වංචා කරන කාලයක් දැන් උදා වී තිබෙන්නේ .රජයෙන් මල මිනී වලිනුත් වැට් අය කරන කාලේ මෙය පුදුමයක් නොවේ

:       0       4

අරවින්ද මොනරවිල Friday, 19 January 2024 10:44 AM

මළ සිරුරකින් පන්දාහක් ගත්ත කාන්තාව රිමාන්ඩ් කරලා, ජීවත් විය යුතු සිය ගණනක් ගාතනය කල පාස්කු ප්‍රහාරයේ සහ බාල ඖෂධ ජාවාරමේ මහ මොල කරුවන් තවම නිදැල්ලේ යහතින් වැජඹෙනවා.

:       3       13

Samarasekara Friday, 19 January 2024 04:09 PM

මළසිරුරක් ආදාහන කටයුතු සඳහා වැඩිපුර රුපියල් 5000/= ගන්න බැහැ... සාමාන්‍යයෙන් එහෙම කළොත් එකකට රුපියල් විසිදාහක් විතර වෙන්න පුළුවන්... සාමාන්‍යයෙන් මිනිස්සු ආදාහනාගාරය සඳහා අයකිරීම කොපමණද කියලා සොයාබලා නැහැ කියලා පේනවා.. දෙන්නන් වාලේ දෙන මිනිස්සු හිටියාම ඒක හරියට කපුවා හිටගෙන මුත්‍රා කරද්දී පුතා දුවමින් කරනවා කියන්නේ ඕකට තමයි...

:       3       5

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 152 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 188 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 311 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1123 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2536 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site