(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
පැය 17කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ පාලනය සියතට ගැනීමට රැඳවියන් කටයුතු කර තිබුණි.
ඒ කාලය තුළ රෝහල් වාට්ටුව කඩා ඖෂධ පානය කර මුලුතැන්ගෙයි ආයුධ ද අතැතිව පලා යාමට රැදවියන් දැරූ උත්සාහය අහසට වෙඩි තබා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට වලක්වා ගැනීමට පොලීසිය හා බන්ධනාගාර නිලධාරීහු එක්ව සමත් වූහ.
එහිදී රැදවියන් එල්ල කළ ගල් මුල් ප්‍රහාර වලින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.
සියලු රැදවියන් මාතර බන්ධනාගාරයෙන් ඉවත් කිරීමෙන් පසු අද සවස 2.00 පමණ වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්,පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.
එම කාලය තුල ඔවුන් තමන්ට රිසි පරිදි ආහාර පාන උයා පිහා ගෙන කමින් දිය නාමින් සිංදු කියමින් නිදහසේ විනෝද වන අයුරු දැක ගත හැකි විය.
තහනම් බඩු කාමරය කඩා එහි තිබු ජංගම දුරකතන,චාජර්,රන් ආභරණ හා මුදල් ආදිය ද පිටතට ගෙන පරිහරණය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණි.
රැදවියකු බන්ධනාගාර ගත කරන අවස්ථාවේ ඔහු සතු පෞද්ගලික දේපොල සියල්ල ලේඛනගත එම කාමරය තුළ ආලක්ෂිතව තබා නැවත නිදහස් කරන විට ඒවා ඔවුන් අතට ලබා දෙන බව කියති.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි “මිදිගම බාල මාමා” ඇතුළු රැදවියන් තිදෙනෙකු මාතර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර තුනකට මාරු කිරීමට උත්සාහ කිරීමත් සමග ඊයේ රාත්‍රීෙය් නොසන්සුන්කාරී තත්වය ඇතිවී තිබුණි පාතාල කල්ලි සාමාජිකයකු වු මිදිගම චූටි නැමැත්තාගේ ගෝලයෙවු වු “මිදිගම බාල මාමා” නැමැත්තා බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට ලද බන්ධනාගාර බුද්ධි තොරතුරකට අනුව එම මාරු කිරීම සැලසුම් කර තිබූණි.
ඊට අමතරව මාරු කර යැවීමට සැලසුම් කළ රැදවියන් දෙදෙනා අතර දෙවිනුවර දේවාලය ඉදිරිපිට ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවකු ද සිටි බව දැන ගන්නට ඇත.
ඒ අනුව ඔහු රැගෙන යාමට සූදානම් වු අවස්ථාවේ විශාල පිරිසක් රදවා සිටි වාට්ටුවක රැදවියන් එහි ඉබි අගුලු කඩා ගෙන පිටතට විත් ඊට විරෝධය පල කර තිබුණි.
ඉන් පසූව ඔවුන් අනෙක් සිර මැදිරි වලද ඉබි අගුළු කඩා ඒවායෙහි රදවා සීටි රැදවියන් ද පිටතට ගෙන තිබේ.
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි