IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට

(ගයාන් සූරියආරච්චි)

තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  45 සහ 50 වියේ පසුවන කොළඹ 10 සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා වෙඩික්කරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධතා පවත්වමින් මියගිය පුද්ගලයා එම ස්ථානයට රැගෙන ඒම සඳහා වෙඩික්කරුවන්ට ආධාර අනුබල දී ඇති බව පොලිසිය පවසයි .

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මට්ටක්කුලිය මිහි ජය සෙවණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස් හයක පුද්ගලයෙකු  එම විවිධ බීමෙන් මියගොස් තිබුණි.

එම පුද්ගලයාට වෙඩි ප්‍රහාර හතක් පමණ තබා තිබූ අතර ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් විසින් හිස් පතොරම් කොපු හතක් සොයා ගනු ලැබීය.

මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන්  එම පුද්ගලයාට වෙඩි තබන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදුවී නොතිබුණු බවද පොලිසිය පවසයි. 

ඒ සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත එම පුද්ගලයන් දෙදෙනාගෙන්  කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ඝාතනය සම්බන්ධයෙන් සුළු මුල හෙළි වී ඇති බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය පවසයි

මියගිය පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි.

කොළඹ උතුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (0)

මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

දියත

ඝනකාධිකාරී පැදවූ මෝටර් රියේ ගැටී විශ්‍රාමික සාජන් මේජර් මරුට
2024 ඔක්තෝබර් මස 18 214 0

පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක ගණකාධිකාරී වරයකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව ඇත


චිත්‍රපට සංස්ථාවේ - පදනම් ආයතනයේ නව සභාපතිවරු පත්වෙති
2024 ඔක්තෝබර් මස 18 733 0

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අ


ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න සැරසෙයි
2024 ඔක්තෝබර් මස 18 589 0

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට
2024 ඔක්තෝබර් මස 18 331 0

තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුව


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පත් කරයි
2024 ඔක්තෝබර් මස 18 1468 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු


දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 981 4

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 641 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site