IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


මාදම්පේ බස් අනතුරින් 3 ක් මරුට

(මාදම්පේ එස් හේරත් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

මාදම්පේ  ඉරට්ටකුලම  ප්‍රදේශයේදී ඊයේ(04)දා උදේ සිදුවූ මාරක බස් ලොරි අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.

මෙම අනතුරින් ළංගම බස් රථයේ රියදුරු තරින්ද චන්දික අනුර බණ්ඩාර යන අය ඊයේ(04) සවස මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට  ඇතුළත් කර සිටි අයෙක් ඊයේ රාත්‍රියේ ද හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (5) අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග මාර්ග වලින් වාර්තා වෙයි. 

මෙසේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ පහළ කොට්රාමුල්ල බදුවත්ත ප්‍රදේශයේ පදිංචි එච්.පී.සුරංග ප්‍රියන්ත නමැති  දෙදරු පියෙකි.

අනතුරට පත් ළඟම බස් රථයේ ගමන් කරමින් සිටි පම්බල කාක්කපල්ලියේ පදිංචි චන්ද්‍රා විජේරත්න නමැති හැත්තෑ හැවරිදි කාන්තාවක්ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(05) අලුයම මියගොස් ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ සිටි මගීන් 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් රෝගීන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි. 

බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් අතරින් එම රෝහලේම සේවය කරන වෛද්‍යවරියක්ද ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

(මියගිය බස්රථයේ රියදුරු චන්දික අරුණ බණ්ඩාර මහතා)

(මියගිය සුරංග ප්‍රියන්ත)



අදහස් (0)

මාදම්පේ බස් අනතුරින් 3 ක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රංශ අගමැති අතාල් ධුරයෙන් ඉවත් වෙයි
2024 ජුලි මස 08 32 0

ප්‍රංශ අග්‍රාමාත්‍ය ​ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය.


කළුතර -රත්නපුර ප්‍රා.ලේ කොට්ඨාස 11කට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ජුලි මස 08 195 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම


සිඟිත්තා ජල ටැංකියට බිලි
2024 ජුලි මස 08 707 1

අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය .


මේ වැස්ස ඉදිරි දිනවලත්
2024 ජුලි මස 08 562 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ රාජකාරිවලින් ඉවත් වෙති
2024 ජුලි මස 07 2424 2

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් හෙට (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන


සම්පන්දන් පෙනී සිටියේ ලාංකිකයන් වෙනුවෙන්
2024 ජුලි මස 07 673 5

ආර්. සම්පන්ධන් ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බව ජනාධිපති රනි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 747 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1699 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3594 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site