(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව කොත්තන්තිව් පදිංචි ඉරසුර ආරච්චිගේ අජීත් නිලන්ත නැමති ධීවරය කාර්මිකයකු හා රියදුරේකු ලෙස සේවය කරන අයකු බව කියයි.
පල්ලිවාසල්පාඩුව සමාගම් දැල නමින් ප්‍රසිද්ධ මාදැල මුහුදේ එලා එය ට්‍රැක්ටර් වලට සවිකර ඇති වින්ච් නැමති ආධාරක උපයෝගි කර ගනිමින් මාදැල ගොඩට අදිමින් සිටියදී නොසිතු ලෙස එකවර ට්‍රැක්ටරය උඩකුරුව පෙරළි රියදුරු හා සහයකයා එයට යටවි සිටි බව කියයි.
කෙසේ වෙතත් කඩිනමින් එම ස්ථානයෙ තිබු තවත් ට්‍රැක්ටරයක් හා මාදැල ඇදිමට සිටි අනිත් ධීවරයින් සමග එක්වි ට්‍රැක්ටරය උස්සා මෙම දෙදෙනා ඉවත් කර කඩිනමින් කොත්තන්තිව් රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුනද ඒ වන විටත් ට්‍රැක්ටරයෙ රියදුරා මරණයට පත්ව සිටි කොත්තන්තිව් රෝහලේ වෛද්‍යවරුන් පවසයි.
මාදැල් ඇදිම සදහා ධීවරයින්ට අමතරව ට්‍රැක්ටරයට සවි කරනු ලැබ ඇති වින්ච් නැමති ආධාරකය ධිවර පනත අනුව තහනම් නමුත් මේ වන විට මාදැල් ඇදිමට යොදා ගන්නා ධීවරයින් සංඛාවා අඩු කිරීමට මෙලෙස වින්ච් සවිකල ට්‍රැක්ටර් රථ භාවිතා කිරිම බහුල වී තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවිමේන් මරණයට පත්වු අය විවාහකයකු බවත් ඔහු දෙදරු පියකු බවද කියයි.
ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි
කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද
වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්
පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.
අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මාදැල අදිමින් තිබු ට්‍රැක්ටරය පෙරැළී රියදුරා මරණයට
චන්දිම Wednesday, 19 February 2025 12:01 PM
මේ ගොඩක් දෙනා ටැක්ටර් පැදවූවාට එහි ස්වභාවය දන්නේ නැහැ. ටැක්ටරයකින් මෙවැනි ඇදීමක් කළයුතු වන්නේ රිවස් කිරීමෙනි. නැතිනම් වෙන්නේ පිටිපස බර රෝද දෙක එක තැන කැරකෙද්දී සාපේක්ෂව බර අඩු ඉදිරිපස රෝද සහ එන්ජිම උඩට එසැවීමත් සමග පසුපස රෝද මඳක් ඉදිරියට යාම සමග ටැක්ටරය උඩුකුරුව පෙරලී යාමයි. නමුත් ඇදිය යුතු බර ටැක්ටරයේ ඉදිරිපසට සම්බන්ධ කර ටැක්ටරය පසු පසට ගමන් කළා නම් මොන තරම් බලයකින් ඇද්දත් ටැක්ටරය පෙරළෙන්නේ නැහැ.