(අංජුල මහික වීරරත්න)
ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවර මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය කීය.
පසුගිය රජයන් කිහිපයක් ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහ ගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම ආයතනය ස්ථාපිත කිරීම අමාත්‍යංශයේ අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, ඒ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන් ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන් ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ද ලැබෙන බව පැවසීය.
ජනමාධ්‍යවේදීන්ට සිය නිදහස, ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කරදීමත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අරමුණ කර ගනිමින් වසර පනහක් පමණ පැරණි 1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත නව සන්නිවේදන ප්‍රවනතාවයන්ට යෝග්‍ය පරිදි යාවත්කාලීන කිරීම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්