IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


මාලඹේ ගංජා සැකකරුගෙන් ප්‍රශ්න කරන්න අවසර

රෝෂන් තුෂාර

මාලඹේ හෝකන්දර විෂ්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (24) අවසර ලබා දුන්නාය.

මාලඹේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ගම්පහ දෙල්ගොඩ පදිංචි හර්ෂ කසුන් නැමති සැකකරුවෙකු මෙසේ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.

මාලබේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී රථයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන හා දසුන් පෙරේරා මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිය සේවා දායකයා පලායාමට නොව පොලිස් අණ පරිදි පොලිස් නිලධාරීන් සිටින තැනට පසුපසට ධාවනය කිරීමේදී පොලිසිය මගින් ඉදිරිපස රෝදයකට වෙඩි තබා ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.

 



අදහස් (2)

මාලඹේ ගංජා සැකකරුගෙන් ප්‍රශ්න කරන්න අවසර

B Amarasinghe Tuesday, 25 February 2025 04:16 AM

පොලිස් නිලධාරින් සිටින තැනට පසුපස ධාවනය කිරීමේදී ඉස්සරහ රෝදයට වෙඩි වැදුනේ කොහොමද? කියලා කල්පනා කරන මම.

:       0       11

Malika Tuesday, 25 February 2025 09:38 AM

මේ වගේ රට, තරුණ පරපුර විනාස කරන මත්ද්‍රව්‍ය විකුණන, බෙදාහරින නරුමයන්ව බේර ගන්න මුදලට කෑදර කමට ඉදිරිපත් වන නීතීඥයින් හරි නම් මහජනතාව ගල් ගහලා පලවා හරින්න ඕනේ. දුෂීත දේශපාලඥයින් වගේමයි මේ නීතී විශාරදයොත්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’
2025 පෙබරවාරි මස 25 39 0

රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප


සිමෙන්ති ලොරිය පෙරැළෙයි
2025 පෙබරවාරි මස 25 27 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ දි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය විි නිවසක මිදුලකට


සජබ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා
2025 පෙබරවාරි මස 25 285 3

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේ


ඥානසාර හිමිට ඇප
2025 පෙබරවාරි මස 25 474 1

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව මාස නමයක සිර දඬුවමක් හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප


පුද්ගල ඝාතනයකට 7ක් අල්ලයි
2025 පෙබරවාරි මස 25 433 0

උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පමුණු ගම පොලිසිය පවසයි.


දෙදෙනකු පැහැරගෙන ගොස් අමානුෂික වද දුන් දෙන්නෙක් අල්ලයි
2025 පෙබරවාරි මස 25 505 0

පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගොන ගොස් මාතලේ ඕවිලිකන්ද අංකුඹුර මාර්ගයේ කැලෑ ප්‍රදේශයකදි ගල්තලාවක් අසළදි අමානුෂික අන්දමින් කපා කොටා හිසට කළුගලකින් පහරද


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 223 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 431 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site