(අංජුල මහික වීරරත්න)
සොර සතුරන්ගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.
සොරුන් මේ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පවා කොල්ලකන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන තිබේ.
චන්ද්‍රිකා කුමාරතුංග මාවත ආශ්‍රිත ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රදේශයේ පොලිස් නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී එකඟ වූ අතර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීමටද තීරණය වී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන මෙම ප්‍රදේශය මුල්ලේරියාව සහ මාලඹේ ප්‍රාදේශීය සභා යටතට පැවරීම කෙරෙහි ද අවධානය යොමු විය.
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට -1.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛ
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති මගින් වලක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමා
දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිස
නවසීලන්තයේදී ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (23) න
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහ දිවුල් වැව මහතා පත් කර ඇත
කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 සීමාව අද (23) පෙරවරුවේ පසු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මාලඹේ- අඹතලේ පාරට විශේෂ ආරක්ෂාවක්