IMG-LOGO

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා


මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා

(සුරංග රාජනායක)

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළ අද අලුයම එකට පමණ ගම්පොළ මාළු වෙළඳසල්වල ඇති ඉවත් කරන ලද නරක් වූ මාළු කොටස්ලොරියකින් රැගෙන ගොස් සංචාරකයන් ගමන් ගන්නා අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේ පිහිටි පවුල් සියයක් පමණ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍රයකට හොර රහසේ දමමින් සිටියදී රැක සිටි ගම්මු එම පිරිස අල්ලා ගෙන ඇත.

නව වසර උදාව සතුටින් සැමරීමට ලංකාවාසි සියල්ල එක්ව සිටියදී අම්බලුවාව ගම්වාසින් සූදානම්ව සිට ඇත්තේ බොහෝ කාලයක සිට කුණු මාළු දමමින් පළාතම දුර්ගන්ධය පතුරවමින් ජලය අපවිත්‍ර කර පරිසර විනාශ කරන කුණු මාළු කාරයන් අල්ලා ගැනීමටය.

නිදි වර්ජිතව සිටි තරුණ පිරිසට මෙම කුණු මාළු ලොරිය පැමිණ එහි තිබූ විශාල කුණු මාළු කොටස් ප්‍රමාණය ප්‍රධාන මාර්ගයෙන් පහළට දමමින් සිටියදී අල්ලා ගැනීමට හැකිවී ඇති අතර එහි තිබූ කුණු මාළු කොටස් ලොරියේ රියදුරු අසුන සිට සියලු තැන්වලට දමා ලොරියේ ටයර්වල හුළං ඇර සිද්ධිය පොලිසියට දන්වා ඇත.

 



අදහස් (5)

මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා

විජිත් Wednesday, 01 January 2025 06:30 PM

එඩිතර ජනතාවට ප්‍රණාමය !!! මුළු රටේම ජනතාවට ආදර්ශයක් !!! සැමට සුබම සුබ නව වසරක් වේවා !!! ලංකාදීප ඔන්ලයින් කර්තෘතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුදෙනාටම වාසනාවන්ත නව වසරක් වේවා !!!

:       0       16

sam Thursday, 02 January 2025 08:29 AM

නියමයි බලධාරියනි... ඔය ලොරි රාජසන්තක කරලා රියදුරාව අවුරුදු2 කටවත් හිරේ දාන්න එතකොට තමයි අනිත් එවුන් ඉගෙන ගන්නේ

:       0       20

Lalla Thursday, 02 January 2025 09:48 AM

ෂහ්... වැඩේ බාලයි... ලොරියේ ආපු එවුන්වත් කුනු මාලු කරන්න බැරිද!

:       1       11

DMS Thursday, 02 January 2025 07:51 PM

ටීම් එකට සැලකුවේ නැද්ද ?

:       0       0

Hasith Friday, 03 January 2025 10:15 AM

මාලු කඩ ඔක්කොම එහෙමයි. කටුගස්තොට ගොහගොඩ පාරේ වංගුවේ තියනවා උදේට මාලු කපන තැනක්. ඔක්කොම ජාරාව. කෙලින්ම කාණුවට යවන්නේ. එතනින් පහල මහවැලි ගඟේ, නුවරට බොන්න වතුර පොම්ප කරන්නේ . මේක ප්‍රසිද්ධියේ කරන්නේ. PHIලා නගර සභාවේ උදවියත් මාලු ගන්නවා ඇවිත්. වගේ වගක් නෑ . පිං පඩි කාරයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ප්‍රදර්ශනයට ජනපති යයි
2025 ජනවාරි මස 04 154 0

ජාත්‍යන්තර ’’FACETS Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආ


කෝටි 28ක රන් රටින් පන්නන්න හැදූ 3ක් මාට්ටු
2025 ජනවාරි මස 04 257 0

කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන


’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක්
2025 ජනවාරි මස 04 560 1

ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මා


කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරිය රෝහලේ
2025 ජනවාරි මස 04 508 0

මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබ


ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ
2025 ජනවාරි මස 04 162 0

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (4) පැවසීය.


සහල් තවත් ටොන් 3000 ක් එයි
2025 ජනවාරි මස 04 133 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (4) වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 88,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 407 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 206 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 196 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site