(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් බලහත්කාරයෙන් කොල්ල කමින් සිටියදී (22) දා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නිරතව සිටි (21200) පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම නිලධාරියා ඉකුත් 19 දා විශේෂ මැතිවරණ රාජකාරි සඳහා කහතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්ත කර තිබු අතර 21 දා රාත්‍රියේ ස්ථානයට නොදන්වා මෙසේ අනවසරයෙන් බැහැරට ගොස් 22 දා උදෑසන 08.30 පමණ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් බලහත්කාරයෙන් කොල්ලකන අවස්ථාවේදී සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ග්‍රැන්ඩ්පාස් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා