(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ගත් තීරණයක් අනුව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එසේම එම ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිධුර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර බෙදීයාම පිළිබඳවද එකඟත්වයක් ඇතිවී තිබේ.
මේ අනුව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන ආංශික අධීක්ෂණ කාරක සභා හතරෙහි සභාපතිධුර ආණ්ඩු පක්ෂයට ලබා දීමට එකඟත්වය පළවිය.
එසේම, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යන කාරක සභා තුනෙහි සභාපතිධුර විපක්ෂයට ලබාදීමටද මෙහිදී අනුමතිය හිමිවී අැත.
තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව කියන සැකකාරියක් අත්අඩංගුවට ගත් බව ග
වාරියපොළ , මිනුවන්ගැටේ ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර ගුවන් අනතුරක් සිදුව ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි .
රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ඉකුත් සති දෙකක කාළය තුළ , කොළඹ මධ්‍යම හුවමාරුව තුළ , භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී ,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර
රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලුණු සමාගම පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැතිසබයට අලුත් ආංශික කමිටු 7ක්