(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට මම මේ කාරණය ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන ලිංගික හිරිහැර පිළිබඳව පසුගිය සති කිහිපයේ ජන මාධ්‍ය වල පළ වුණා. මම හිතනවා මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර අය වැඩ තහනම් කරලා තියෙනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියෙනවා.
ඒ වගේම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ට නිතර නිතර විවිධ හිරිහැර කරන්න එතන ඉන්න බලධාරීන් කටයුතු කරනවා කියන පැමිණිල්ල වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබිලා තියෙනවා.මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. වහාම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න. පාර්ලිමේන්තුවේ කාට හරි ලිංගික අතවර අඩන්තේට්ටම් සිද්ධ වෙනවා නම් අපිටත් ඒක බලපානවා. මේ පිළිබඳව පරීක්ෂා කරලා වහාම ක්‍රියාමාර්ගයක් ගන්න
කතානායක ජගත් වික්‍රමරත්න මහතා
මේ සම්බන්ධයෙන් තවමත් අපිට කවුරුත් දැනුම් දීමක් කරල නෑ. අපි ඒ ගැන පරීක්ෂණයක් කරන්නම්.
මුජිබර් රහුමාන් මහතා;
මාධ්‍ය වල තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්)
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද
ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය මහ බැංකුව ආදී ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය අන්තර් විශ්ව
දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂමව ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිර
සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි ආණ්ඩුව අන්තිමේදී කරන්නේ බුලත් විට කඩ ඉවත් කිරීම පමණක් බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(සජබ) පාර්ලිමේන්
කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මැතිසබේ “කුකුලන්” ගැන කතානායකට පැමිණිල්ලක්
රංගනාත් Tuesday, 07 January 2025 04:23 PM
මීට කලිනුත් පාර්ලිමේන්තුවේ ඔහොම කේස් වාර්තා වුණා නේද? විපක්ෂෙටත් එල්ලෙන්න කොහේ හරි පිදුරු ගහක් තිබ්බත් ඇති වගේ.
Nilmini Tuesday, 07 January 2025 05:30 PM
මේ කරනවා ඇත්තේ පාර්ලිමේන්තුව එහි සේවය කරන අයගේ පුද්ගලික බූදලයක් කර ගැනීමට කරන උප්පරවැට්ටියක්ද කියලා හිතෙනවා. මොකද එහෙම දෙයක් කලාම පාර්ලිමේන්තුවේ පාරම්පරික උරුමක්කාර පොල්මක්කාරයින්ට තමන්ගෙ දරු මුනුබුරන්ට නෑයින්ට රැකියා දෙන්න බැරිවෙනවා. මෑතකදී නිළධාරි ගැනීමට විරෝධයක් ඇතිවුනානේද. කොටින්ම කිව්වොත් ඔය කරන්නේ පාර්ලිමේන්තුවේ රැකියා ඉල්ලීම් වලට අනියමින් බියගැන්වීම්ද කියලා හිතෙනවා
sam Wednesday, 08 January 2025 03:14 AM
බලන්න ඒ හිරිහැර කරන එවුන් පොහොට්ටුවේද කියලා. දන්නවනේ, පොහොට්ටු ලොක්කා ඕවාට අති දක්ෂයා කියලා.