IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ නිවාඩු අවලංගුයි

(සුජිත් හේවාජුලිගේ)

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු  ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක මහත්මිය පවසන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය එම සතියේ සේවයට අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවයි.

මේ කාලසීමාවේ දී පාර්ලිමේන්තුවේ සියලුම අංශ නව පාර්ලිමේන්තුව පිහිටුවීමේ පූර්ව කටයුතු සඳහා සූදානම් කර තැබෙනු ඇත.

දස වැනි පාර්ලිමේන්තුව අභිනවයෙන් ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා ය.

දසවැනි  පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් ලබන 25,26 සහ 27 දිනවල පැවැත්වේ. පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට එහිදී  පුළුල් දැනුමක් ලබාදීමට නියමිතය.

නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම ලබන 18,19 සහ  20 දිනවල කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ  චමින්ද කුලරත්න මහතා පැවසීය.

මේ අතර නව පාර්ලිමේන්තුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට  පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

එසේම නව පාර්ලිමේන්තුව වෙනුවෙන් සභා ගර්භය ඇතුළු  එහි බොහෝ ස්ථාන  ප්‍රතිසංස්කරණ කිරීමේ  සහ නවීකරණ කිරීමේ  කටයුතු ද ආරම්භ කරනු ලැබ ඇත.



අදහස් (0)

මැතිසබේ නිවාඩු අවලංගුයි

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 973 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


හිජාබයට විරුද්ධ නම් මානසික රෝගීන්
2024 නොවැම්බර් මස 14 545 0

ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක්


තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ
2024 නොවැම්බර් මස 14 153 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.15 ට පමණ ආරම්භ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි
2024 නොවැම්බර් මස 14 124 0

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර


ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 14 708 0

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිස


තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ
2024 නොවැම්බර් මස 14 797 0

ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 224 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 546 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1658 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site