(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් දහයකට වැඩි පිරිසක් සිටින බව පැවසෙන අතර මෙම සුනඛයන් පාර්ලිමේන්තු සේවකයන්ට මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ට ද හිරිහැරයක් බව පෙනී ගොස් ඇත.
කතානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යනු දැක කලබලයට පත්ව " මෙහෙ බල්ලොත් හදනවාදැ"යි විමසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායකවරයා වේත්‍රධාරීවරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටින සුනඛයන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල සහ මහනුවර බදුල්ල අතර දුම්රිය හතරක් අද (10) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරින්ට අල්ලස් දීමට උත්සාහ කළ අඹුසැමි යුවළක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරයකු හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි .ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස
බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් නතර වූ දුම්රිය ධාවනය අද (10) උදෑසන සිට යළි යථා තත්වයට පත් කළ බව නාව
කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයෙකු ඊට යටවීමෙන් මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය පවසයි.
රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
මැති සබේ භූමියේ බල්ලන් පන්නයි
Nickon Monday, 10 March 2025 05:32 AM
ඔතන බල්ලො බැල්ලියො දෙජාතියම ඉන්නවා. උන්ට වෙන වැඩක් ඇතෑ. ඔය බුරනවා උඩුබුරලනවා පේන්නෙ වීඩියෝ වලත්.
Perera Monday, 10 March 2025 06:26 AM
ඕක ඇතුලෙත් ඉන්නවා නිකන් බුරන සුනකයෝ දෙතුන් දෙනෙක් .උන්වත් පුලුවන්නම් එළවලා දාන්න
Small man Monday, 10 March 2025 06:27 AM
මොනවද මේ පල කරන්නෙ. ජාතික පුවත්පතක දාන්න මීට වඩා වැදගත් නිවුස් ඇත්තෙම නැද්ද. හේවාජූලි හිඟා කනවද
ddsMonday, 10 March 2025 10:24 AM
ඇයි, නෑදෑයො එලවනවට තරහද?
අමල් Monday, 10 March 2025 07:15 AM
පාර්ලිමේන්තු පරිශ්‍රයේ බල්ලෝ හදන්නේ නැහැ කතානායකතුමා, එත් පාර්ලිමේන්තුව රැස්වෙන දවසට, වැඩි ඇතක නෙමෙයි, බත්තරමුල්ල පැලවත්තේ ඉඳන් එන බල්ලෝ 159කින් තමයි තියෙන කරදරේ ! උන් එදාට පාර්ලිමේන්තුවේ කැන්ටිමටත් පැනලා, තියෙන බත් මුට්ටිවල දංකුඩ ටිකත් කාලයි, ආපහු මාදිවෙලට යන්නේ ! අපොයි උන්ගෙන් තියෙන කරදරක්, රිලවුන්ට වඩා. හැබැයි උන් එලවන්න නම්, උසාවි නියෝගයක් ඕනෑවෙයි !
ගුණරත්න Monday, 10 March 2025 07:18 AM
හා හරි හිනා, දැන් ඉන්න කතානායකතුමා දඩාවතේ යන බල්ලෙක් දැකල කලබල වෙලා, හාහ් හ හ. මෙහෙ හන්දියට යන පාරේ දඩාවතේ යන බල්ලෝ සීයක් විතර ඉන්නවා. ගිය මාසේ මගේ මස්සිනා බයිසිකලේ යද්දී ඔය බල්ලෙක් නිසා අනතුරට පත් වුනා. අපිට ඉතින් උන්ගෙන් අඩුවක් නැහැ
ජිල්බුMonday, 10 March 2025 10:27 AM
ඉතිං එයාව වෙට් කෙනෙක් ලඟට අරගෙන ගියාද? දැන් ටිකක් හොඳයිද?
janis Monday, 10 March 2025 07:53 AM
ඇතුලේ ඉන්න රිලව් ගොන්නු ටිකත් අයින්කරන්න.
Mahen palliyaguru Monday, 10 March 2025 07:54 AM
කතානායකතුමනි, ප්‍රවේසමෙන් උපදෙස් දුන මැනවි. ජනතා ඡන්දෙන් ඔතනට ආපු සුනඛයෝ කලබල වෙයි!!
Upali Premajayantha Monday, 10 March 2025 07:56 AM
හයියෝ ඝණ පූර්ණය නැතිවෙයි.....
පොඩිඑකා Monday, 10 March 2025 08:01 AM
අපි මාස කීපෙකට කලින් සෙට් එකම පැන්නුවා, තව කීප දෙනෙක් ඉතිරිවෙලා ඉන්නවා…!
Kazi Shajahan Monday, 10 March 2025 08:02 AM
එළීයේ විතරක් නෙමෙයි ඇතුලෙත් ඉන්නවා කීපදෙනෙක් ඉන්නවා... පොඩ්ඩක් හොයලා බලලා අඩු ගානේ බෙහෙතක්වත් දෙන්ඩ
Asela Monday, 10 March 2025 08:20 AM
වැඩකට නැති කතා ගුහාවක ඉන්න කකුල් දෙකේ බල්ලන්ට, බෞද්ධ රටක කෑම හොය හොය ඇවිදින, කතා කරන්න බැරි කකුල් හතරේ බල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. උන්ට ස්වාමියාට පක්ෂපාතී වීම, කෘතඥතාව, සමාව දීම සහ ආදරය වැනි අසමසම ගුණාංග තියෙනවා.
Ajith Monday, 10 March 2025 08:33 AM
ඇයි පාර්ලිමේන්තුවෙ විතරක්. සමහර පාරවල්වල යන්න බෑ බල්ලො ඡරා කරල. ඒ වගේම යන එන අය සපා කනව.
Pradeep Kumara Monday, 10 March 2025 08:46 AM
ඔයිට වැඩිය මහ ගොඩක් බල්ලො හිටියා පාර්ලිමේන්තුවේ. පිස්සු බල්ලොත් හිටියා. පහු ගිය ඡන්දෙන් මහජනතාව ගොඩක් බල්ලන්ව එලවලා දැම්මා. තව කීප දෙනෙක් ඉතුරුවෙලා ඇති.
Geetha Monday, 10 March 2025 09:00 AM
බල්ලෝ පන්නන්නේ නැතුව උන්ව ආරක්ෂා ඇති තැනකට ගෙනිහින් දාන්න.. පුරුදු තැන නැති වුණාම කොච්චර පව්ද?
ජිල්බු Monday, 10 March 2025 10:07 AM
ගීත නගා, ඔතන තමයි හොඳටම ආරක්ෂාව තියෙන්නෙ. 24/365 වටේටම ගාඩ් එක.
බකල ජයා Monday, 10 March 2025 09:09 AM
බල්ලො ඔක්කොම පැන්නුවොත් ඔතන හිස් බිමක් වෙයිනෙ, කතාතුමෝ !_! හිස් බිම් වගා කෙරුවෙ නැත්තං ආණ්ඩුවට ගන්නවලු, නඩු දානවලු.
Dil1000 Monday, 10 March 2025 09:48 AM
ආණ්ඩු පක්ෂෙන් ආසන 10ක් දෙන්න ඒ කට්ටියට.....
RS Monday, 10 March 2025 10:24 AM
බල්ලෝ පැන්නුවට කිණිතුල්ලෝ මැක්කෝ තාම ඉන්නවා. හැමතැනම, උන්වත් එකිනෙකා ඉවත් කරන්න