IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


මැති - ඇමැති - ජනපති නෝනලාගේ වරප්‍රසාද කැපේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,  හිටපු රාජ්‍ය නායකයන්  සහ  ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසිනි.

යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් කාලයක් තිස්සේ  විඳින වරප්‍රසාද සුදුසු පරිදි අඩු කිරීම,  ඉවත් කිරීම හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා  පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් තුළ එක මතයක් අැති කර ගැනීමට   සාකච්ඡා ආරම්භ කළ යුතු බවටත්  අනතුරැව  රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවටත්  මෙම  යෝජනාවේ  සඳහන්වේ.



අදහස් (4)

මැති - ඇමැති - ජනපති නෝනලාගේ වරප්‍රසාද කැපේ

Asela Monday, 10 February 2025 05:56 PM

සාමාන්‍යයෙන් කිසිම සිවිල් සමාජයක් හෝ සංවර්ධිත රටක් මැති ඇමතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කරන්නේ නැත. ඔවුන්ට අභිමානය, ආත්ම ගෞරවය සහ ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට ආශාවක් ඇත. ශ්‍රී ලංකාව හෝ මුළු දකුණු ආසියාවේම විවිධ දේශපාලන වර්‍ගවල වහලුන් සිටින බැවින්, සෑම කෙනෙක්ම ඕනෑම හොඳ දේශපාලඥයෙකුට අවමන් කර ඔවුන්ව තක්කඩි ලෙස හංවඩු ගසන්නේ කිසිදු සාක්ෂියක් නොමැතිවයි. දේශපාලන පක්‍ෂයක් ලෙස ජවිපෙ විසින් වගා කරන ලද හිරිහැර අද කිසිදු පක්‍ෂයකින් කරන ලද හානියට දෙවැනි නැත. මෙම මන්ත්‍රීවරුන් තම පැවැත්ම සඳහා මංකොල්ලකෑමට සහ ආදායම් ලබා ගැනීමට වෙනත් මාර්ග සොයනු ඇත..

:       63       15

manjulaMonday, 10 February 2025 07:04 PM

දේශපාලනය යනු සමාජ සේවයක් මිසරැකියාවක් නොවේ. එය තේරුම් ගැනීමට බැරි මෙතෙක් කල් සිටි දේශපාලකයන්ගේ වහළුන්ට පමණි.

:       4       47

Chathuri Monday, 10 February 2025 06:32 PM

මේ තමයි ජනතාවට සුදුහුුණු ගාන්න පටන් ගැන්ම මේ දේවල් කොහොමත් මේ ආන්ඩුවෙන් කරගෙන යනවා නේ දැන්ද මෙයාලාට මතක්වුණේ? නාකි හැතිකරේ ජනතාවගේ මුදලින් යන බව හිතුමතේට ජනතාවගේ මුදල් බොරු ලියැකියැවිලි හදාගන මහාප්‍රමාණයෙන් කෝටි ගණනික් හොරා කන ඒවා සමගි ජනබලයේ මෝඩ නායකයා දන්නේ ම නැත්ද? දැන් බොරුවට මේ දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන්න අව්ශ්‍ය නැහැ. මේ අලුත් ආණ්ඩුව දන්නවා. කලයුත්තේ මොනවාද කියලා... ඔබලාට තියෙන්නේ දැනටත් ජනතාවගේ දේවල් භුක්ති විඳිමින් ඉන්න හොර නාකින්ව එළවන්න... නැත්නම් කියන්නේ ආණ්ඩුව පලි ගන්නවා කියලා. ආන්ඩුව පළිගන්නේ නැහැ. මොවුනුත් ඡන්ද රැස්වීම් තියලා මේ දේවල් කරනවා කිය කිය මිනිස්සු රවටලා රජ වුණා.. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මොවුන්ගේ සැප වාහන පර්මිට් බාර් පමිට් ඊටපස්සේ ජනතාවට බදු වැඩිකරන හැටි මේ ආණ්ඩුවට අත් තියන්න රට පෙරලන්න කිසිවකුට... ඉඩ තියන්නේ නැහැ..

:       3       34

යෝගා Monday, 10 February 2025 07:01 PM

හැමෝම දැන් තරගෙට ලකුණු දාගන්න වරප්‍රසාද කපන්න කතාකරනවා. වරප්‍රසාද කැපුවාම රට දියුණු වෙයිද? අලුත් ආදායම් මාර්ග ඇතිකිරීමට කිසිම සැලසුමක් නෑ. අනුන්ගෙන් පිනට කකා හිටිය අයට ඒ පුරුද්දෙන් මිදෙන්න අමාරුත් ඇති...

:       10       31

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මෙක්සිකෝ බෙක්කේ නම වෙනස් වෙයි
2025 පෙබරවාරි මස 10 921 0

මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.


වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්
2025 පෙබරවාරි මස 10 536 0

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.


ආහාර කමිටුව රැස්වෙයි
2025 පෙබරවාරි මස 10 297 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු


කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 10 316 0

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත


චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 1317 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 258 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 80 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site