(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරියආරචිචි )
මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන 31 හැවිරිදි සැකකරු ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළට අද(25) අලුයම එවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු උස්වැවගෙදර , දෙබොක්කාව ප්‍රදේශයේ පදිංච්කරුවෙකු වන අතර , ඔහු මෙම ත්‍රිත්ව ඝාතනයට අමතරව මනුෂ්‍ය ඝාතන , ජීව අත් බෝම්බ ලග තබා ගැනීම සහ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය යන චෝදනා රාශියක් සදහා මිද්දෙණිය , ඌරුබොක්ක , වලස්මුල්ල සහ මිද්දෙණිය යන මාතර කොට්ඨාශයේ පොලීසි රාශියකට අවශ්‍යව සිටි සැකකරුවෙකි .
මෙම ත්‍රිත්ව ඝාතනයේ දී විදානගමගේ අරුණ ප්‍රියන්ත , ඔහුගේ දියණිය සහ පුත්‍රයා වෙඩි වැදීමෙන් ඝාතනය වී තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු බෝට්ටුවක් මගින් ඉන්දියාව වෙත පළා ගොස් ව්‍යාජ නමකින් පෙනී සිටියදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරටට ලබා දුන් තොරතුරු මත ඔහු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (25 )දින කටුනායකට පිටුවහල් කර එවා තිබුණි .
ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරිම සදහා වතුමුල්ල ප්‍රදේශයේ නිවෙසට ටී 56 ගිනි අවි දෙක රැගෙන ආ බව කියන සැකකරුවන් දෙදෙනකු හෙරොයින් සමග අද (25) අත්අඩං
පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව ජනාධිපති අනුර කුමාර දිසාන
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතු සඳහා සහයවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස එම ක
ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක කාලයක් ලබාදී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාං
එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි
බයි සිතිවිලි Friday, 25 April 2025 09:41 AM
ඔහුට සලකලා අහගන්න ඕඩර් එක ආවේ කොහෙන්ද කියලා. අපිට කෙඳිරි ගෑවෙන උත්තර නම් එපා.
prasanna Friday, 25 April 2025 10:01 AM
ඕඩර් එක ජෙප්පන්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 5ක් පුරා පවතින පළපුරුද්දක් තියෙනවා. හොරකම්, බැංකු මංකොල්ලය, ගිණි තැබීම, පහරදීම සහ මිනී මරුම් වගේ දේවල් වලට... දැන්වත් හොඳට කරගෙන යනවා.
බයි සිතිවිලිFriday, 25 April 2025 11:20 AM
76 ට වඩා 5 ලොකු හින්ද හොඳයි.
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 11:41 AM
රාජපක්ෂ කල්ලියට උණ ගැනෙන නිවුස් මේවා..!
සෙනෙවිරත්න Friday, 25 April 2025 12:36 PM
කරුණාකර කුහකයින්ගේ, වෛරය වපරන්නන්ගේ සහ මන්ද මානසිකයින්ගේ සහ වරදාන, වරප්‍රසාද නැතිව තැවෙන්නන්ගේ දේවල් අවශ්‍ය නොවේ.