(ගයාන් සූරිය ආරච්චි)
මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30, 38 වයසේ පසුවන අගුලුගහ සහ කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 500 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මිදිගම ගොවියපාන පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාළු ව්‍යාපාරිකයාට ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි තබා තිබුණි.
එහිදී එම මාළු ව්‍යාපාරිකයා මියගොස් තිබූ අතර මාළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ අහංගම දේණුවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කැලුම් චතුරංග නමැති දෙදරුපියෙකි පොලිසිය කියයි.
මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ
පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ
දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මිදිගම ඝාතනයට දෙකක් සැකපිට