IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි

(යොහාන් භාසුර)

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පුද්ගලයන් තිදෙනා ඝාතනයෙන් පසුව පලායමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.


මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට  

2022 ඔක් 06 වන බ්‍රහ, පෙ.ව. 08:47

මියගිය ලක්ෂමන් පුෂ්පකුමාර  සිල්වා සහ පුතුන් දෙදෙනා. (ඡායාරූපය ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)

 

මිනුවන්ගොඩ ගම ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පියකු සහ පුතුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 සහ 23 24 පසුවන තිදෙනෙකි පියාගේ මළ සිරුර මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත මෝටර් රථයකින් සහ යතුරුපැදි කින් කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය මීට වසර තුන හතරකට පෙර දී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇති වී ඇතිවී තිබෙන බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය මිය ගිය තිදෙනා මීට මාස කිහිපයකට ඉහතදී රිමාන්ඩ් භාරයෙන් ඇප මත නිදහස්ව පැමිණි අය බව පොලීසිය කියයි



අදහස් (11)

මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි

Perera Thursday, 06 October 2022 09:45 AM

නීතියේ ආධිපත්‍ය පිරිහුණු රටවල් වල මිනිස්සු නීතිය අතට අරන් ක්‍රියාත්මක කරන්නේ ඔහොම තමයි

:       4       85

දෙස්පල් අවතාර​ Thursday, 06 October 2022 09:57 AM

මිනීමරුවන්ගේ තොරතුරු කෙසේ වෙතත් මැරිච්ච මිනිස්සුංගේ පැටිකිරියනං හොඳටම හොයලා බලනවා මේ පොලෝසිය​.

:       6       80

fairoos Thursday, 06 October 2022 12:44 PM

නන්දසේන සහ නඩය එකතුවෙලා රටට කරපු විනාශයේ ප්‍රතිපල තමයි මේවා

:       27       42

යකාගෙ නීතිය Thursday, 06 October 2022 07:30 PM

යකෝ මොනවා වුණත් නන්දසේනගේ කාලේ ඔය කියන පාතාලේ එක වලියක් පත්තු වුනේ නැහැ. නන්දසේනව එලවගන්න ඕන වුණෙත් කුඩ්ඩන්ට පාතාලෙට හා වහබින්ට.

:       24       8

විජේපාලFriday, 07 October 2022 06:23 AM

බොල බූරු පුතේ මෙම කතාව ගැන සිතා බලන්න. කලකට පෙර මියගිය සත්‍ය සායි බාබාගේ උපමා කතාවක් තියෙනවා. ඒකෙන් කියනවා එක් දරුණු මිනීමරුවෙක් හොරෙක් හා මංකොල්ලකාරයෙක් හිටියලු. ඒයාගේ වැඩ නවතන්න රජයට බැරිවුණාම මිනිහට යම් බලයක් තියෙන රටේ ඉහළ රැකියාවක් දෙනවා. එදා සිට මනුස්සයාට හොරකම්, මැරකම් කරන්න වෙලාවක් නැතිනිසා එතෙක් කළ දේවල් නතරවුණා කියලා මම පැරණි රසවාහිණී සඟරාවකින් දැක්කේ... බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි කාලයේ අංගුලිමාලත් එහෙම කෙනෙක් කියලා අහල ඇති නේද?

:       0       1

janahithaFriday, 07 October 2022 10:37 AM

නන්දසේන එළෙව්වේ නැහැ බන්.. එළෙව්වේ රාජපක්ෂ, බැසිල් පවුල...

:       0       0

Hafeel Thursday, 06 October 2022 01:43 PM

මිනි මරුවන්, කප්පම් කරුවන්ව පාර්ලිමේන්තුවට යවන මිනුස්සු ඉන්න මේ රටේ, මීට වඩා මොකද්ද බලාපොරුත්තු වෙන්න පුළුවන්? මුලින් ජනතාව වෙනස් වෙන්න එපැයි.

:       3       59

ganegoda Thursday, 06 October 2022 01:50 PM

නීතිය තමන්ගේ අතට අරගෙන මනුස්සයින්ව ඝාතනය කරන්න මේ මිනීමරුවන් ඉතා ඉක්මනින් නීතිය ඉදිරියේ මරනීය දණ්ඩනයට යටත් කල යුතුයි

:       1       31

බද්රානි Thursday, 06 October 2022 08:29 PM

ධර්මද්ධීපයක මෙවැනි සිදුවීම් සාමාන්‍ය දේවල්නේ. අනික පවුලේ සියලු දෙනාවම මරුවා නම් තමයි ගොඩක් පව් සිද්ධ වෙන්නේ. මම දන්නේ නැති නිසයි අහන්නේ, ඒ ගිනි අවි වලත් එකට ඇතිල්ලිලා අංක මැකිලද? මොනා උනත් පාර්ලිමේන්තුවට යන්න ඒ මිනීමරු මහතුන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා.

:       0       1

K Perera Thursday, 06 October 2022 10:33 PM

ජනපතිතුමත් ප්‍රකාශ කෙරුවනේ එල්ලුම්ගහට යවන අයට අත්සන් නොකරන බව. ඉදිරියට මීටත් වඩා දරුණු අපරාද ගැන මේ රටේ අපිට අසන්න හැකිවේවි.

:       3       6

sisil Friday, 07 October 2022 04:13 AM

මිනුවන්ගොඩ ඒ අය ඉන්න ගම කියන්නකෝ...! ඔතැන තියෙන්නේ කුල කේස් එකක්. හුඟක් අපරාධ එක්තරා කුලයක අය කරන්නේ...! ඔය කුලේ අය ඒ ගොල්ලන් අතරත් මරාගන්නවා. පෘතුගීසි ලේඛනවලත් තියෙනවා. එක සතියක් ඇතුළත පිහිඇනුම්25 ක් වුනා කියලා...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 404 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 637 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි



නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
2025 පෙබරවාරි මස 06 380 0

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 06 315 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
2025 පෙබරවාරි මස 06 1253 1

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 804 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site