IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්

(අංජුල මහික වීරරත්න)

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්නැයි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්⁣ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිවරයා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද සාකච්ඡා විය.

කොළඹ නගරයේ  මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස්‍ රථ  හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව  යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු  ජාතික ආර්ථිකයට දායකත්වයක්  ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ  එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද මෙහිදී  සාකච්ඡා විය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍



අදහස් (7)

මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්

Dahnushka Friday, 28 March 2025 07:34 PM

මෙයා ආපු දවසේ ඉඳන් මේ පාර හදන්න උපදෙස් දෙනවා. තාම වැඩ අල්ලලාවත් නෑ.

:       18       24

Janitha Saturday, 29 March 2025 12:20 AM

කොහෙන්ද දන්නැහැ උපදෙස් දුන්නේ...?

:       2       6

Banda Saturday, 29 March 2025 06:50 AM

කොයි පැත්තෙන්ද දන්නේ නැහැ උපදෙස් දෙන්නේ...?

:       2       4

Nihal Saturday, 29 March 2025 12:16 PM

එතකොට මීරිගම අපි දකින්නේ හොල්මන්ද?

:       3       3

Saman Saturday, 29 March 2025 12:28 PM

ඒ කාලෙ එහෙමයි මේ කාලෙ මෙහෙමයි...!

:       2       3

prasanna Saturday, 29 March 2025 05:22 PM

ඕක බොරුවක්...!

:       2       3

Ranfer Saturday, 29 March 2025 06:18 PM

ඒ පැත්තේ බල්ලන්ට මේ පැත්තට එන්න බැරි වෙනවා..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ?
2025 මාර්තු මස 31 429 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින්


’මඩට යන්න එපා’’
2025 මාර්තු මස 31 158 0

මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍ර


විදෙස් යුවළ ගමන්ගත් රියේ ගැටී පෙදරේරුවා මරුට
2025 මාර්තු මස 31 396 0

අනුරාධපුර , කවරක්කුලම ඒ 13 මාර්ගයේදී, විදෙස් ජාතික යුවළක් ගමන් කරමින් තිබූ මෝටර් රථයක යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු මියගිය බව අ


විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්
2025 මාර්තු මස 31 281 2

පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නා


පෙට්‍රල් බෝම්බයට පස් හැවිරිදි දරුවා බිළි
2025 මාර්තු මස 31 432 0

නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ 50 හැවිරිදි දරුවෙක් ඊයේ (30) සවස මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි .


ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට
2025 මාර්තු මස 31 730 1

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 637 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 738 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1483 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site