IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


මුදල් හබයක් දුරදිග යයි:බසය වෙලට යයි

(තිලකරත්න දිසානායක සහ චතුරංග චන්ද්‍රසේකර)

කොළඹ - මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් පා පහරක්  හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් ඇත.

පහරදීම සිදු කළ තැනැත්තා සහ බස් රථයේ රියදුරු අතර මුදල් ගනුදෙනුවක් තිබී ඇති අතර යතුරු පැදියකින් පැමිණ බසයට ගොඩවී දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග ගොස් රියදුරාට පහරදීමේදී බසය ඇදී ගොස් පෙරලී ඇති බව අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බසය පෙරලී ගිය අවස්ථාවේ එහි මගීන් සිට නොමැති බවත් බසය පෙරලී යාමෙන් තුවාල ලත් බස්රථයේ රියදුරා සහ පහරදීම සිදු කළ තැනැත්තා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

 



අදහස් (0)

මුදල් හබයක් දුරදිග යයි:බසය වෙලට යයි

ඔබේ අදහස් එවන්න

දියත

රට හැදිල්ල
2024 සැප්තැම්බර් මස 18 18 0

ට්‍රැක් ලන්තවාසීන් බොක්කෙන්ම උනන්දුව දක්වන කාරණාවක් තමයි මේ රට හදන වැඩේ. රටේ ඇතිවන ඕනෑම අර්බුදකාරී තත්ව හමුවේ මේ අය උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. වචනයේ


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 109 0

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 489 0

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්
2024 සැප්තැම්බර් මස 18 251 0

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් අද (18)දින උදැසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් විය.


නිවැසියන් බියගන්වා කොල්ල කෑ පොලිසියේ 4ක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 18 141 0

නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍


මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට
2024 සැප්තැම්බර් මස 18 751 0

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව අද (18) කො


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 106 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2158 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 1008 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site