IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


මුහුදේ උපන් කුමරා බේරා ගනිති

අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බෝට්ටුවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට, ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ කටයුතු කළහ.  

ඩිංගි බෝට්ටුව, පළමුවෙන් හමුවූයේ වෙනත් යාත්‍රාවකටය. ඒ, ස්පාඤ්ඤයට අයත් ලැන්සරෝට් කුඩා දූපතට ඔබ්බෙන් මුහුදෙනි. ඔවුන් ඒ බව ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට දුන්නේය. වෙරළාරක්ෂකයන් පැවැසුවේ, කුඩා ඩිංගි බෝට්ටුවේ ගැහැනු සහ පිරිමි පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් සිටි බවය.

අලුත උපන් බිලිඳා සහ මව තමන්ට හමුවෙද්දී, මව බෝට්ටුවේ පිරිස අතරේ වැතිර සිටි බවත්, බෝට්ටුවේ සිටි පුද්ගලයකු බිලිඳා වඩාගෙන සිටි බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂයෝ පැවැසූහ. 

බිලිඳකු සිටින බව වෙරළාරක්ෂකයන්ට දැනුම් දුන් විගස, බිලිඳාටත්, බිලිඳාගේ මවටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පියවර ගත්හ. බිලිඳා සහ මව ලැන්සරෝට් දූපතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට හෙලිකොප්ටරයකින් යැවීම සිදුවිය. 
ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට, බිලිඳා හමුවූයේ ස්පාඤ්ඤය, ක්‍රිස්තියානු නිවාඩු දිනය සමරද්දීය. ඒ වනවිට බිලිඳා උපත ලබා මිනිත්තු 10 ක් හෝ 15 ක් යද්දීය. ස්පාඤ්ඤ වැසියන්, ‘එපිෆනි’ නමැති මෙම නිවාඩු දිනය සමරන්නේ, ජේසු බිලිඳාට තෑගි රැගෙනා ආ රජ තුන්කට්ටුවට ගරු කිරීමක් වශයෙනි. 

එපිෆනි නිවාඩු දිනය දා සංක්‍රමණික බෝට්ටුවෙන් අලුත උපන් බිලිඳකු හමුවීම සුවිශේෂී සිදුවීමක් බව ස්පාඤ්ඤ බලධාරීහු පසුව පැවැසූහ. එපිෆනි නිවාඩු දිනය සැමරෙන්නේ ස්පාඤ්ඤයේ කුඩා දරුවන්ට තෑගි බෝග ලබා දෙමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මුහුදේ උපන් කුමරා බේරා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 

දියත

යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
2025 ජනවාරි මස 10 47 0

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්


ආහාර විස වී ළමුන් 13ක් රෝහලේ
2025 ජනවාරි මස 10 68 0

ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.


උදයංග වීරතුංග රිමාන්ඩ්
2025 ජනවාරි මස 10 546 0

බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත


ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 10 206 0

නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ


භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි
2025 ජනවාරි මස 10 350 0

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්ද


ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මාසයේ
2025 ජනවාරි මස 10 101 0

ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 95 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 502 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site