IMG-LOGO

2024 ජුලි මස 02 වන අඟහරුවාදා


මෙතෙර වෛද්‍යවරුන් 5000ක් එතෙර විභාග සමත් වෙලා

(ෂේන් ප්‍රනාන්දුපුල්ලේ)

මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ වනවිට රජයේ රෝහල්වල සේවය කරන්නේ වෛද්‍යවරුන් 20,000 ක් බවත් ඉන් 5000 ක් විදෙස්ගත වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය. තවද එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියේ නිරතවීම සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා සමත් විය යුතු විභාගයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් 3500 න් 750 ක් ශ්‍රී ලාංකිකයන් බවත් ඉන් 550 ක් විභාගය සමත් වී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ මෙම ගැටළුවට මුහුණදීම සඳහා තවත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කිරීමට සැලැසුම් කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම පාලනය කළ නොහැකි කරුණක් බවත්ය.

මේ අතර වෛද්‍යවරුන් විදේශගත වීම නැවත්වීම සඳහා වැටුප් පද්ධතිය සංශෝධනය කරන ලෙසත් ඔවුන්ට මූල්‍ය දීමනා ලබා දෙන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ රජයට යෝජනා කර ඇත. නමුත් එම යෝජනාවට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද වාර්තා විය.

එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසුවේ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ ඔවුන්ට මුල්‍ය දීමනා ලබා දීම අපහසු කරුණක් බවයි. කෙසේ නමුත් මෙම ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපරිම උත්සාහ දරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

 
 



අදහස් (21)

මෙතෙර වෛද්‍යවරුන් 5000ක් එතෙර විභාග සමත් වෙලා

Che Sunday, 30 June 2024 09:20 PM

වෛද්‍ය වරුන්ට නොසලකනවා නම්,ඔවුන් රට හැර යාම නොවලැක්විය හැකිය.

:       18       42

ලසන්ත Sunday, 30 June 2024 10:29 PM

ඒ කියන්නේ 26%ක් එනම් 750න් 200ක් මෙහෙ විභාග පාස් වුණාට එහෙ විභාග අසමත් කියන එකද? මොකක්ද වෙනස, මෙහෙ විභාග ලේසිද? එහෙ විභාග අමාරුද? මෙහෙ විභාග ගුණාත්මකබව බැහැලද? අනේ මන්දා!

:       2       4

SarasiMonday, 01 July 2024 03:07 PM

විකාරද හලෝ. ලංකාවේ මුලු දොස්තරලාම ඔය විභාගය කරලා නෑ. යන්න ඕන . අය ඒ අදාළ රටේ විභාග සමත් වෙලා 5000ක් යන්න සුදුසුකම් ලබලා ඉන්නවා. පාස් වෙලා එන ළමයකුට පනස්දාහට කිට්ටු ගණනක් නේ ලැබෙන්නේ. ඒක වැඩිකරන්න හදනකොට සුළු සේවකයෝ පවා එළියට බැහැලා ඒක නවත්තනවා. ඉතින් නොයා ඉඳීද.

:       0       2

රංබොඩ Sunday, 30 June 2024 11:07 PM

රජයේ වෛද්‍ යවිද්‍යාල වලට ළමයින් වැඩිපුර ගන්න දෙන්නෙත් නෑ , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වැඩ කරගෙන යන්න දෙන්නෙත් නෑ. වෛද්‍ය වෘත්තිය විශේෂ වටිනාකමක් තියාගෙන ඉන්නෙ එයාලමයි. යන අයට යන්න දීලා අලත් අය පුහුණු කරලා ගන්න.

:       0       7

වෛද්‍යසේකර Sunday, 30 June 2024 11:24 PM

මෙච්චර දේවල් දීලත් ඉන්න බැරි නම්, වෘත්තියට එන්න අය ඉන්නවානේ, යන්නලා...

:       0       4

Lalla Sunday, 30 June 2024 11:53 PM

මැරීගෙන පාඩම්කරල ඉගෙන ගෙන සොච්චම් පඩියට වැඩ කරන්න ඕන නෑ. ඉන්ජිනේරුවන්ට පෞද්ගලික අංශය ගෙවන පඩිය වෛද්‍යවරයකුට ලැබෙන්නේ නෑ. හරියට මහන්සියට සාධාරණ වැටුපක් ගෙවන්න ඕනෑ. අඩුම තරමේ ආරම්භක වැටුප ලක්ෂ දෙකක්වත් අතට ලැබෙන විදිහට. අතිකාල නොව වැටුප..

:       2       2

Ajith Monday, 01 July 2024 02:30 AM

මම විදෙස් රටක අවුරුදු විස්සක් ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන අයෙක්. පසුගියදා ආයතනයේ පුරප්පාඩුවකට ලංකාවේ ඉංජිනේරුවන් විශාල ප්‍රමානයක්අයදුම් කර තිබුණා. දොස්තරවරු මෙන්ම අනෙක් වෘත්තිකයන් රටට අහිමි වීම විශාල ගැටලුව. දැන් රටේ තිබෙන අර්බුදයට මීට අවු 10ට 20කට කලින් විදෙස් ගතවූවන්ගෙන් රටට අහිමි වූ සේවය විශාල ලෙස බලපෑවා. දැන් සිදුවන මේ බුද්ධි ගලනයේ විපාක තව අවුරැදු 5කින් 10කින් අත් විදින්න වෙනවා. රටේ නායකයන් මේවාට පිලියම් නොයෙ දීම රටට ඉතා භයානකය්.

:       1       8

Chandima Monday, 01 July 2024 04:51 AM

සුබ ආරංචිය!

:       4       2

sam Monday, 01 July 2024 05:04 AM

නෑ නෑ. අයිඑම්එෆ් එකට ඕන විදියට තව තවත් බදු ගහලා රටේ කෑලි තවත් විකුණන් කන්ඩ ලෑස්ති කලාම ඔය දක්ෂ දොස්තරලා නවත්ත ගන්න පුළුවන් දේශපාලුවන්ට ඕනි තවත් රටේ ජාතික ධනය හොරා කාලා ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ ඇවිල්ල බොරු පඩ ජෝක් දාන්න විතරයි

:       2       7

කොන්දොස්තර Monday, 01 July 2024 06:38 AM

ඔය තත්වය ඇතිකිරීමට තමයි සංගමේ පිරිස් පුද්ගලික වෙද විදුහල් එපා කියලා බෙරිහන් දෙන්නේ එනිසා මෙහෙම ඒවා වළක්වන්න අවම වශයෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දහයක් වත් ලංකාෙව්ඇතිකරන්න ඕන වෛද්‍යවරු වැඩිවුනොත් ඔය ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ එහෙම නැතුව ඔවුන් කියන කියන වෙලාවට රටේ සමස්ථ ආදායමෙන් වැඩිම කොටසක් ඔවුන්ගේ වැටුප් ලෙසට ගෙවීම් කරන්න ගියාම රටේ අනෙකුත් කටයුතු කරන්නෙ කොහොමද

:       7       15

ජයනාත් Monday, 01 July 2024 07:20 AM

මෙය වෛද්‍ය විතරක් නෙවෙයි .. ගුරු, හෙද..ආදී වෘත්තීන් ගණනාවකට තියෙනවා .. පසුගිය දා පත්වීම් ගනිපු ගුරුවරුන් බහුතරයක් ලබන අවුරුද්දේ යන්න ඉන්නෙ . ඉංග්‍රීසි මාධ්‍ය විශේෂයෙන්ම .

:       4       6

Kirthi Monday, 01 July 2024 07:51 AM

මෙහෙ සමහරක් කියන්නේ සිංහලෙන් පාසල්වල ඉගෙන ගැනීමෙන් පිටරට රැකියා ගන්න බැහැ කියලා. මොලේ තියෙනවා නම් දොස්තරලා වගේ පිටරට රැකියා හොයා ගන්න භාෂාව බාධකයක් නෙවේ!

:       1       5

Narada Monday, 01 July 2024 09:07 AM

මිනිස්සුන්ගේ සල්ලි වලින් නොමිලේ ඉගෙනගෙන ඇයි පත්වීම දෙද්දිම කොන්දේසි දාන්න බැරිද විදෙස්ගතවෙන්න අවුරුදු 10ක් වත් සේවය කළ යුතුයි කියල? තියන උන්ටම වැඩි කරපල්ලා!!

:       6       14

M.K.Pulasthi Indrajith Monday, 01 July 2024 10:06 AM

විදේශ ගත වන වෛද්‍යවරුන්ගෙන් ඔවුන් ට මෙරට විශ්ව විද්‍යාලවල වලින් නොමිලේ ඉගැන්වීම හා පුහුණුව සදහා වැය කළ මුදල හා රජය විසින් ආයෝජනය කළ මුදලට යම්කිසි සාධාරණ පොළී මුදලක් අයකර ඔවුන්ට රටින් පිට වීමට නිදහස් කරන්න. එවිට එම මුදල් අයෝජනය කර අපිට තවත් විශ්ව විද්‍යාල සදහා සිසුන් බඳවා ගත හැක.

:       4       10

ලසන්ත Monday, 01 July 2024 10:09 AM

ඒ කියන්නේ 26% ක්, 750න් 200ක් අසමත් කියලා නේද? පිටරට විභාග අමාරුද? ලංකාවේ විභාග ලෙහෙසිද? මෙහෙ විභාග වල ගුණාත්මක බව අඩුද? මොකක්ද අවුල අනේමන්දා!

:       4       9

Sathya Monday, 01 July 2024 10:50 AM

කොන්දේසි දානවානම් ,ඉංජිනේරු ,ගුරුවරු ,ගණකාධිකාරී, හෙදියන් ඇතුළු හැමෝටම කොන්දේසි දාන්න ඕනි වෙනවානේ .ඇයි ඒගොල්ලොත් ඉගෙන ගත්තේ නොමිලේ නේ

:       1       8

M.K. Pulasthi IndrajithMonday, 01 July 2024 01:01 PM

ඔව්, රජයේ වීශ්ව විද්‍යාල, අනෙකුත් නොමිලේ උසස් අධ්‍යාපනය ආයතනවල උසස් අධ්‍යාපනය හදාරා විදේශ ගත වන අයගෙන් ඒ සදහා වැය වු මුදල් අයකර ගැනීමේ ක්‍රමයක් සැකසිය යුතුය. නැතිනම් රටේ බහුතර ජනතාව බදු ගෙවා නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දී අපේ ශ්‍රම බළකාය විදෙස් ගත වීම, විදෙස් රටවලට අපි කරන අධාර දීමක් වැනිය. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි වැනි වෘත්තීන් වලට විදෙස් ගත වූවන් බොහෝ විට ස්ථිර පදිංවියට යන නිසා ඔවුන්ගෙන් රටට විදේශ ප්‍රේෂණ පවා ලැබෙන්නේ නැත. එම නිසා මොවුන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීම ගගට කැපූ ඉනි සේය.

:       0       4

රූපිකා Monday, 01 July 2024 04:38 PM

නොමිලේ අධ්‍යාපනය උසස් පෙළ දක්වා දුන්නාම ඇති. ඉන් එහාට අධ්‍යාපනය ගාස්තු ගෙවා ලබාගැනීමට අවස්ථාව දියයුතුයි. යමෙකු උපාධිය ලබාගෙන අවම වශයෙන් අවුරුදු 20ක් වත් ලංකා රජයේ සේවයේ ඉන්නවා කියලා ගිවිසුම් ගතවෙන කෙනෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දුන්නාට වරදක් නැහැ... එහෙම නැතුව රටේ සංවර්ධනය අඩාල කරගෙන ලබාදෙන අධ්‍යාපනයෙන් රටට සෙතක් නැහැ...

:       0       2

kasunTuesday, 02 July 2024 08:14 AM

වෙනත් වෘත්තිකයන්ගෙන් රටහැර යනව කියල අය කර ගන්න ඔනි නෑ. ඒ වෘත්තිකයො රටේ පුද්ගලික අධ්‍යාපනය ඉඩ ඩිල් තියෙනවා. දොස්තරලා වගේ කුහක කමින් විරුද්ධ වෙලා නැඑ. ඒ නිසා වෘත්තිකය්නගෙන් රටට හිගයක් නෑ. දොස්තරලගෙන් අනිවාර්යෙන් අය කර ගත යුතුයි. නැතිනම් රට යන එක තහනම් කළ යුතුයි. මොකත් ඔවුන් පුද්ගලික වි වි දාන්න දෙන්නෙත් නෑ. රටේ කෝටි ගානක මුදල් වලින් නිකන් ඉගෙන ගෙන රට පනල හිඟයක් මවනවනම් අනිවාර්යෙන් මුදල අය කර ගත යුත්යි.මොකද වෙන කෙනෙක්ගෙ අවස්ථාවක් අහිමි කරලා තමා අවුන් ඉගෙන ගෙන තියෙන්නෙ

:       0       1

de silva berlin Monday, 01 July 2024 12:10 PM

ලංකාවේ වෛද්‍යවරු යන්න ඕනේ එංගලන්තෙට , ඔස්ට්‍රේලියාවට හෝ නවසිලන්තේ වැනි රටවලට , එම රටවල දැන් විදේශ ශ්‍රමිකයන්ට විරුධව විශාල කැම්පේන් එකක පටන් අරන් , එංගලන්තේ ජාතිකවධින් කියාගන්න ජතිවධියෝ විශාල රැස්වීම් පවත්වනවා ප්‍රසිධියේ විදේශිකයෝ එලියට පලයල්ලා කියල , එහෙ සවුක්ය සේවයට සම්බන්ධ ශ්‍රමිකයෝ දින 60 රස්සාව නැතුව හිටියොත් විස කැන්සල් කරලා පිටුවහල් කරනවා , අපේ දොස්තරලට මෙහෙ වගේ චැනල් කඩ දමාගෙන අධයම් බදු නොගෙවා රෝගීන්ව සුර කන්න එහෙ බැහැ එක නිසා ඔය ගොල්ලෝ යන්නේ නැහැ , ගියත් නැවත එනවා , හොඳම විසදුම ප්‍රමිතියකින් යුතු පුද්ගලික වෛය්ද්‍යා විද්‍යාල ලංකාවේ දිරිමත් කරන එක , පුද්ගලික රෝහල් හොඳනම් වෛද්‍ය විද්‍යාල නරක මොකද ?

:       2       9

බද්රානි Monday, 01 July 2024 06:22 PM

ලංකාවේ අහිංසක රෝගීන්ගේ මුදල් මංකොල්ල කාලා මදිවට, මොවුන් එංගලන්තයේ සෞඛ්‍ය සේවාවත් විනාශ කරන්න එංගලන්තෙට පනිනවා දැන්... ගහලා ආපසු පන්නන්නයි ඕනෑ... හැබැයි ඉතින් එංගලන්තේ VIP බැජ් ගහපු කාර්වලින් ගොඩ බහින කෙරුම්කාරයින් නැහැ. කවුරුත් එක හා සමානයි. ලංකාවේ පුරුද්දට, ටයි ගහගෙන තප්පර ගානෙන් බෙහෙත් තුන්ඩු ලිව්වොත් එහෙම, ලංකාවේ උද්දච්ඡ දොස්තරයින්ට රෝගීන්ගෙන් කනේ පාරවල් තමයි කන්න වෙන්නේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

‘ ජනපති යටතේ ජාතික ආණ්ඩුවකට සහාය නෑ‘
2024 ජුලි මස 02 36 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කිසිසේත් සහාය නොදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


ව්‍යාජ ලිපියක් ගැන දැනුම්දීමක්
2024 ජුලි මස 02 97 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ බවට හැඟවෙන ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන


ණය තිරසර බව ස්ථිරයි
2024 ජුලි මස 02 56 0

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවස


උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා
2024 ජුලි මස 02 32 0

2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ල


රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි?
2024 ජුලි මස 02 188 2

ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියකින් ඉදිරියට යන විට විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමස


පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයට
2024 ජුලි මස 02 252 0

සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 510 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1556 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3383 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site