(අංජුල මහික වීරරත්න)
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී චාල්ස් කැලනන් මහතා මේ බව කීය.
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශ්ලේෂණය කරමින් අවශ්‍යතාවය පරිදි එම ව්‍යාපෘති කඩිනම් කිරීම, ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කරුණු මූලික කර ගනිමින් මෙහි දී සාකච්ඡා පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම මෙරට ජනතාවට ගුණාත්මක,තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතිය වෙත ලබා දීම බවත්, එම කාර්ය සිදු කිරීමේ දී නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් කීය.
මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා නුදුරේ ම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය
මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ
සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන්
පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ
මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසය
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට ගෙන්වා,කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ එන්නත්,කෘමි නාශක සහ එන්සල් තොගයක් සහිත කැබ් රියක් එහි රියදුරු ද සමඟ ක
බටපොළ ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයකට ගිය කරන්දෙණියේ තරුණයෙකු ඉතා අභිරහස් ලෙස මිය ගොස් සිටීයදී බටපොළ ගල්හිරේ අඹගහහන්දිය තොටුපොළට ආසන්න බොරලු
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා
MD Saturday, 22 March 2025 04:08 PM
රටේම ජනතාවට අවබෝධයෙන්ම බොරු කියලා කියලා ඔවුනොවුන් එකිනෙකාට වෛරය කරවලා කරවලා ජාති ආගම් භේදභින්න කරවලා කරවලා ගොබ්බ ජනතාව අරගලයකට පොළඹවලා මහ පොළව නොපැතූ ම්ලෙච්ඡ ත්‍රස්තවාදි සංවිධානයක් මේක. දැන් දැන් බෝධි සත්වයින් ලෙසයි කටයුතු කරන්නේ...
රම්බොඩ Saturday, 22 March 2025 04:22 PM
එම උසස් අදහස ඉක්මණින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා !
රුවන් Saturday, 22 March 2025 07:01 PM
එතකොට විදේශීය සමාගම් වලින් දොස්තරට එන කොමිස් මුදල... කැත වැඩ කරන්න එපා මහත්තයෝ එතකොට දොස්තර V8 ගන්නේ කොහොමද? හැමදාම මරුටියෙන් යන්න වෙන්නේ...!
පුරවැසියන් Sunday, 23 March 2025 08:39 AM
කොච්චර හොඳින් වැඩ කරන්න හැදුවත් අර md කියලා අදහස් දාපු විදිහේ මානසික රෝගීන් ඉන්නවා. ඔවුන් මනෝරම්‍ය ලෝකයේ ඉඳලා යථාර්ථයට ගල් ගහනවා. පුළුවන් නම් ඔවුන් කොහේ හරි දූපතකට අර රිලවුන් එක්ක දාලා තියලා රට දියුණු වුණාට පස්සේ ගන්න වැඩපිළිවෙළක් හදන්න කරුමයක් නැත්තන්.
Jothi Sunday, 23 March 2025 11:23 AM
මේවා විශ්වාස කරන්න පුළුවන් දේවල්ද? ඉස්සෙල්ලා හාල්, පොල්, ළූණුවලින් පටන් ගන්න.